දරුවෙකු දාන්න 25000 පගා ගත් පානදුරේ විදුහල්පතිනිය වසර 8ක් හිරේට


2009 වසර සඳහා දරුවකු පාසලට ඇතුළත් කර ගැනීමට රු. 25,000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවලට වරදකරු කෙරුණු පානදුර මහානාම නවෝද්‍යා පාසලේ හිටපු විදුහල්පතිනියට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 8ක සිර දඬුවම් නියම කළේය.

ඊට අමතරව විත්තිකාරියට

රු. 5,000ක දඩයක්ද නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකාරියට අවුරුදු 2ක අමතර සිර දඬුවම් නියම කරන බවද නියෝග කළේය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් හා ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ දරුවකු 06 වැනි පන්තියට ඇතුළත් කිරීම සඳහා දරුවාගේ පියාගෙන් රුපියල් 50,000ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 25,000ක් අල්ලස් වශයෙන් ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබුණ බවය.

කේ.එස්. උදයකුමාර්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment