කුරුඳුගහහැතැප්මේදී ගින්නට හසුවූ දිවයිනේ හොඳම තැපැල් ස්ථානාධිපතිනියගේ අභිරහස් මරණය


කුරුඳුගහහැතැප්මේදී ගින්නට හසුවූ
දිවයිනේ හොඳම තැපැල් ස්ථානාධිපතිනියගේ
අභිරහස් මරණය



ඊයේ උදෑසන ඇල්පිටිය කුරුඳුගහහැතැප්ම උප තැපැල් කාර්යාලයේ ඇතිවූ ගින්නක් නිසා එහි ස්ථානාධිපතිනිය වූ කාංචනමාලා ද සිල්වා මහත්මිය මියගියාය. 48 හැවිරිදි වියේ පසුවූ දෙදරු මවකවූ ඇය ලංකාවේ කාර්යක්ෂම තැපැල් ස්ථානාධිපතිනිය ලෙස පස්වරක් සම්මානයට පවා පාත්‍රවූ රාජ්‍ය නිලධාරිනියකි. එමෙන්ම ඇය ව්‍යාපාරික කාන්තාවකි.
උදේ 8 ට වැඩ ඇරඹිය යුතුවුවත් පුරුද්දක් ලෙස ඇගේ කාර්යාලයේ වැඩට ඇය යන්නේ උදෑසන 6 ට පමණය. තැපැල් කාර්යාලය අසළ පොත් හළක් හා ලොතරැයි නියෝජිත හළක්ද පිහිටා අැත.ඒවා ඇයට අයත් වන අතර සේවකයින්
යොදවා ඇය පවත්වාගෙන යනු ලබයි

ඊයේ (29දා) උදෑසන ඇය වැඩට ගොස් පුරුද පරිදි තනිව තැපැල් කාර්යාලයේ දොර වසාගෙන වැඩ කරමින් සිට ඇත. ගින්න හටගත් අවස්ථාව ගැන නිශ්චිත සාක්ෂි කිසිවක් නැති අතර ටික වේලාවකින් තැපැල් කාර්යාලය ඇතුළතින් ගින්නක් හටගෙන ඇති බව අසල්වාසීන් දැනුවත්වී ඒ ගැන සොයා බලා තිබේ.
කුරුඳුගහහැතැප්ම අධිවේගී මාර්ගයේ රාජකාරියේ නිරත ගිනිනිවන රථ පැමිණ ගින්න නිවූ පසු
පිලිස්සුම් තුවාල ලබා සිටි උප තැපැල් ස්ථානාධිපතිනිය හමුවූ අතර ඇයව ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ මරණය සිදුව ඇත්තේ ගිනි තැබීමකින්ද නැතහොත් විදුලිය කාන්දුවීමකින් දැයි තවම පැහැදිලි නැත. තැපැල් කන්තෝරුවේ සියලු බඩු මූට්ටු පිළිස්සී ගොස් තිබුණ අතර  ඒ සමඟ තැපැල් කාර්යාලයට අදාළ ලිපි ද්‍රව්‍යද විය. ඇගේ මළ සිරුර අසළ දිනපතා පත්තර මිටි කිහිපයක්ද අර්ධ වශයෙන් පිළිස්සී තිබී ඇත.ඒ ඇගේ පොත් හළේ අලෙවියට බෙදාහැර තිබුණ උදෑසන පත්තර තොගයේ කොටසකි.
තැපැල් කන්තෝරුවට කිලෝමීටරයක් පමණ දුරින් ඇගේ නිවස පිහිටා තිබී ඇත. එහි ඇයත් සැමියාත් දරු දෙදෙනාත් වාසය කරති.
කුරුඳුගහ හැතැප්ම හන්දියේ තැපැල් කඩය නමින් ප්‍රකටව තිබුණ ඇගේ වෙළෙඳ සල ඇයත් අම්බලන්ගොඩ නගර සභාවේ සේවය කරන සැමියාත් එක්ව සේවකයින් යොදවා පවත්වාගෙන ගිය එකකි. එහි පත්තර පොත් හා ලිපි ද්‍රව්‍ය

අලෙවියට තබා තිබුණ බව කියැවේ. එහි කටයුතු උදෑසන 8 පසුවී ආරම්භවීමට නියමිතව තිබූ නිසා ගින්න සිදුවන අවස්ථාවේ එහි සේවකයින් කිසිවෙකු සිට නැත.‍
අසල්වාසී වෙළෙඳසල් හිමියන් දන්වා ඇත්තේ ඇය ඇගේ රැකියා රාජකාරී හා ව්‍යාපාරික කටයුතු තමන්ගේ පාඩුවේ කරගෙන ගිය කාගේත් සිත් දිනාගත් තැනැත්තියක බවයි.
මෙම ගින්න විදුලි කාන්දුවක් නිසා සිදු වූවක්ද, වෙනත් කිසියම් හේතුවක් නිසා සිදුවූවක්ද? එසේ නැත්නම් කිසිවකු විසින් ගිනි තබා ඇත්ද? යන්න තවමත් අභිරහසකි. මේ පිළිබඳ ඊයේ රසපරීක්ෂක වාර්තා සඳහා පිරික්සීම අරඹා තිබුණ අතර වැඩිදුර පරීක්ෂණ පොලිසිය මගින් මෙහෙයවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment