මේ ආණ්ඩුවේ හැමෝම ඇමතිධුරවලට සුදුසු නෑ Ceylon News 24x7 4:32:00 PM News Edit මේ ආණ්ඩුවේ හැමෝම ඇමතිධුරවලට සුදුසු නැති බව රාජිත සේනාරත්නට එරෙහි විශ්වාස භංගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජවිපෙ නායක අනුර දිසානායක මහත පවසනවා.අද (27)පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. "රාජිත සේනාරත්න තමන්ට හිමි අමාත්‍යධූරයේ කාර්ය නිසි පරිදි ඉටු නොකරන බව අපේ හැඟීමයි. ඒ වගේම සයිටම් ගැටලූව සම්බන්ධයෙන් ඔහු නිහඬව සිටිය යුතුයි. මොකද, ඔහුගේ ලේලිය සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලබන නිසා ලබැඳියාවන් අතර ගැටුමක් මතුවෙනවා. ඒ වගේම ඔහුට තිබෙන නොයෙකුත් චෝදනා නිසා ඔහු අමාත්‍ය ධුරයට සුදුසුයි. නමුත් රාජිත සේනාරත්න පමණක්ද ඇමති ධුරයට නුසුදුසු? මේ ආණ්ඩුවේ හැමෝම ඇමතිධුරවලට සුදුසු නැහැ. එනිසා සංගීත පුටු තරඟය වගේ අමාත්‍ය ධුරවලට පුද්ගලයින් මාරු කිරීම නෙවෙයි කළ යුත්තේ. මේ ඇතිවී තිබෙන අර්බුදයට ප‍්‍රධාන හේතුව මේ ආණ්ඩු පවත්වාගෙන යන ආර්ථික ක‍්‍රමයේ අසාර්ථකභාවයයි. එනිසා අපේ රට දියුණු කළ හැකි ආර්ථික ක‍්‍රමයක් මේ රටේ ගොඩනැංවීම සඳහා අපි පෙනී ඉන්නවා. නමුත් එතැනින් මෙහා කෙටිකාලීනව ගත යුතු කි‍්‍රයාමාර්ග තිබෙනවා නම් අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා. එනිසා රාජිත සේනාරත්නයට එරෙහිව ගෙනෙන විශ්වාසභංගය සඳහා අපි සහාය ලබා දෙනවා. " Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment