'විජයදාස ඒකාබද්ධයේ පොදු අපේක්ෂක ලණුව ගිලලා'


විජේදාස රාජපක්ෂ මහතා 2020 වසරේ දී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවට ඒකාබද්ධ විපක්ෂය දී ඇති ලණුව ගිල අමාරුවේ වැටී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

මිතුරු වෙසින් තම නිවස තුළ සතුරාගේ මිතුරා රැඳී සිටියි නම් එය විශාල හානියක් බවත් නිවසින් පිටමං වී ප්‍රහාර එල්ල කළාට කමක් නැති බවත් නලින් බණ්ඩාර මහතා පවසයි. එහෙත් නිවස තුළ සිට, හදපු යහපාලන රජය ඇතුළේ සිට විවේචනය කිරීමට ඉඩ දිය නොහැකි බව පවසන මන්ත්‍රීවරයා ඔහුව ඉවත් කරන ලෙස ඒකමතිකව ප්‍රකාශ කළේ ඒ නිසා බව අවධාරණය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළට සහාය පළ කරමින් ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු විය. රටට අවශ්‍ය දේශපාලන පරිවර්තනය මෙන්ම ජනතාව දුගී භාවයෙන් නිදහස් කර ගනිමින් රටට අවශ්‍ය සංවර්ධනය සිදුකිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීම රටට ආදරය කරන සියලු මහජන නියෝජිතයන්ගේ

වගකීම බව මෙහි දී ප්‍රකාශ කළ ජයන්ත මාරසිංහ මහතා එම වැඩපිළිවෙළට සහාය පළ කරමින් තවත් විශාල පිරිසක් ඉදිරියේ දී ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳ ගැනීමට සූදානමින් සිටින බව ද ප්‍රකාශ කළේය. 

විජයදාස රැක ගන්න මහ සඟරුවන අද විශේෂ සාකච්ඡාවක

අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය ගෙන ඇති තීරණයට එරෙහිව ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ෙත්‍රෙනිකායික හිමිවරු අද (23 වැනිදා) විශේෂ සාකච්ඡාවක නිරතවන බව යාපා පටුන ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරී යාපනය නාග විහාරයේ විහාරාධිකාරී දියමයිලගස්‌වැව අරියකිත්ති හිමියෝ ඊයේ (22 දා) පැවසූහ.

විජයදාස රාජපක්‍ෂ මහතාගෙන් ශාසනයට හා රටට සිදුව ඇති සේවාව තවදුරටත් අවශ්‍ය බව මහා සංඝරත්නයේ අදහස බවද එහෙයින් මෙම විශේෂ සාකච්ඡාව සූදානම් කළ බවද උන්වහන්සේ කීහ. සාකච්ඡාව සිදුවන ස්‌ථානය පිළිබඳ තොරතුරු ලබාදිය නොහැකි බවත් සාකච්ඡාවෙන් පසු විශේෂ ප්‍රකාශයක්‌ සිදුකිරීමට නියමිත බවත් අරියකිත්ති හිමියෝ පැවසූහ.

මෙම විශේෂ සාකච්ඡාවට ෙත්‍රෙනිකාය නියෝජනය කරමින් ගරුතර මහා සංඝරත්නය එක්‌වන බවද උන්වහන්සේ පැවසූහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment