නව අධිකරණ ඇමතිනී තලතා බුද්ධ ශාසන ඇමති රවීන්ද්‍ර අද දිවුරුම් දෙති


නව අධිකරණ ඇමතිනී තලතා
බුද්ධ ශාසන ඇමති රවීන්ද්‍ර

අද දිවුරුම් දෙති


නව අධිකරණ ඇමැතිනී ලෙස තලතා අතුකෝරල මහත්මියද බුද්ධ ශාසන අමාත්‍ය ලෙස
රවීන්ද්‍ර සමරවීරද  23 බදාදා ජනපති ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතය.
ඒ අනුව එම ඇමති ධූර දෙක හෙබවූ විජයදාස රාජපක්ෂ මහතාට නිරායාසයෙන්ම එම ධූර අහිමිව යයි.
පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිදුවීම් වලින් පසු ඊයේ 22 පැවති කැබිනට් රැස්වීමට හෝ පෙරේදා 21 පැවති එජාප ප්‍රධානීන්ගේ රැස්වීමට විජේදාස රාජපක්ෂ පැමිණ නොතිබුණි.
ඔහුට ඉල්ලා අස්වන ලෙස
එජාපය පවසා
තිබුනත් තමන් වරදක් නොකළ බව කියමින් ඔහු එම තනතුරු වලින් ඉල්ලා අස්වූයේ නැත.
මේ අතර අභ්‍යන්තර ආරංචි අනාවරණය කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය ඇමති විජයදාස තවත් කාලයක් තනතුරේ තබා පසුව ඒකාබද්ධයේ පොදු අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමේ සූදානමක් පැවති බවකි.
තලතා අතුකෝරල මහත්මියට අධිකරණ ඇමැතිධුරය ලබා දෙනුයේ දැනට ඇය හොබවන විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට අමතරව වන අතර රවීන්ද්‍ර සමරවීර මහතාට බුද්ධ ශාසන අමාත්‍ය ධුරය ලබා දෙන්නේ කම්කරු රාජ්‍ය ඇමැතිධූරයට අමතරවයි.
විජයදාස රාජපක්ෂ මහතාගේ තනතුරු වෙනස ගැන දැනුවත් කිරීමට හා ඉදිරිය ගැන සාකච්ඡා කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද හමුවීමටද නියමිතව තිබේ.
ඔහු ශ්‍රිලනිපයට යාවිද ඒකාබද්ධයට යාවිද නැතිනම් ස්වාධීන වේවිද යන්න තවම වාර්තා නොවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment