මීළඟ ක්‍රිකට් ලොක්කා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ද?

මීළඟ ක්‍රිකට් ලොක්කා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ද?

ආණ්ඩුවේ ඇතැම් කොටස්, මහබැංකු අධිපතිවරයා ව නව අතුරු කමිටුවේ ප්‍රධානියා වශයෙන් පත් කළ යුතු බව කියති. ක්‍රිකට් ක්‍රීඩාව ගෞරවනීය තත්වයට පත් කිරීමට නම් කළ යුතු වන්නේ මොනවාදැයි කුමාරස්වාමි පුවත්පත්වලට පවා ලියා ඇත. වත්මන් ක්‍රිකට් පරිපාලනය භාරව සිටින නිලධාරීන් කියන්නේ කුමාරස්වාමි, අභ්‍යන්තර බල අරගල නිසා අවුලෙන් අවුලට පත් වී තිබෙන මහබැංකු කටයුතු ගැන බලාකියාගෙන සිටිය යුතු බවයි. මේ වන විට උද්ධමන අනුපාතිකය 7% ක් වන අතර රුපියලේ අගය වේගයෙන් පහළ වැටෙමින් තිබේ. මූල්‍ය ක්ෂේත්‍රය අවුල්ජාලයක් බවට පත්ව ඇති අතර කුඩා පරිමාණ ව්‍යාපාරවලට ණය සඳහා 17% ක පොලියක් ගෙවීමට සිදුව තිබේ. එක් නිලධාරියෙක් අප සමග ඵැවසුවේ ඔහුගේ නායකත්වය ක්‍රිකට් කමිටුවට ලැබුණහොත් පරිපාලනය නරක තත්වයෙන් ඉතා නරක තත්වයට පත්වනු ඇති බවයි.

තේරීම් ප්‍රධානී සනත් ජයසූරිය නිල් වීිඩියෝවල සිටින විට, කමිටුවේ භාණ්ඩාගාරිකවරයා මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනය කරන විට  සහ ක්‍රීඩා අමාත්‍යවරයා ජෝකර් කෙනෙකු සේ හැසිරෙන විට හා ඉංග්‍රීසි ක්‍රිකට් යෙදුම් හරිහැටි උච්චාරණය කර ගන්නට ඔහුට නොහැකි විට කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් තම ජේ්‍යෂ්ඨයන්ට ගරු කරන්නේ කෙසේද? මුලින් වෙනස් විය යුත්තේ ඔවුන් ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment