ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටුව ඉල්ලා අස්වේ එක්දින නායකත්වයට මාලිංග අර්ජුනට ක්‍රීඩා ඇමතිකම භාරගන්න දයාසිරි කියලා


ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටුව ඉල්ලා අස්වේ
එක්දින නායකත්වයට මාලිංග
අර්ජුනට ක්‍රීඩා ඇමතිකම භාරගන්න දයාසිරි කියලා


ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය ඇතුළු සියලු සාමාජිකයින් අද (29) ඉල්ලා අස් වීමේ ලිපි භාරදී තිබේ.
සනත් ජයසූරිය , අසංක ගුරුසිංහ, රොමේෂ් කලුවිතාරන, එරික් උපශාන්ත සහ රන්ජිත් මධුරසිංහ යන අය තව සතියකින් ඉවත්ව යන බවට සිය  ඉල්ලා අස්වීමේ ලිපි අද සවස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත බාර දී ඇත.
මෑත කාලයේ දිගින් දිගටම ලබන පරාජයන් හා සෑම අංශයකින්ම සිදුවී ඇති පරිහානිය සම්බන්ධයෙන්
විවේචනයන්ට ලක් වී තිබීම මෙම

අස්වීමට හේතුව හැටියට සැලකේ. එම ලිපියට අනුව 2017 සැප්තැම්බර් 07 වන දින ඔවුන්ගේ ඉවත්වීම සිදුවනු ඇත.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජයන් හමුවේ විවිධ වෙනස්කම් සිදු කළ ඔවුන් තෝරාගත් අලුත්ම නායකයා වූ කපුගෙදර කොන්දේ ආබාධයකට ලක්වූ නිසා ඉදිරි තරග වලට ක්‍රීඩා නොකරන තත්වය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායකත්වයට ලසිත් මාලිංග පත්කර තිබේ.
ඒ අනුව ඉන්දියාව සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්දින තරඟ දෙකට ඔහු නායකත්වය  දෙනු ඇත.
මේ අතර අද (29) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ බවද වාර්තා වෙයි.
සුගතදාස ජාතික ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථ ටෙන්ඩර් කැඳවීමේ කැබිනට් පත්‍රිකාවඅර්ජුන විවේචනය කිරීම නිසා මෙම වාදය හටගෙන තිබුණි.
“මෙතුමා හැම වෙලාවෙම බුකිකාරයෝ කිය කියා බනිනවා. එකට ඉන්න කොට හොඳයි. දැන් හොඳ නෑ.”
  “ජනාධිපතිතුමනි, ක්‍රීඩා ඇමැතිතුමාගේ කථාවෙන්ම පේනවා බුකිකාරයෝ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්නවා කියලා. එතුමාම බුකිකාරයෝ ඉන්නවා කියලා පිළිගන්නවා.”
” මෙතුමා වරායෙත් ක්‍රිකට් ගැහුවා. පෙට්ට්‍රෝලියම් එකෙත් ක්‍රිකට් ගහනවා.”
 ” මම හැමදාම ක්‍රිකට් ගහනවා. කොහේ ගියත් ක්‍රිකට් ගනවා. මගේ ඇඟේ ක්‍රිකට් තියෙනවා. ක්‍රිකට් කියන්නේ මගේ ජීවිතේ වගේ. ක්‍රිකට්වලට හානියක් වෙනවා නම් මම කථා කරනවා.” “එහෙමනම් ඔබතුමා අමාත්‍යාංශය මාරු කර ගන්න. ‘
“නෑ, එහෙම අමාත්‍යාංශ මාරු කරගන්න අවශ්‍යතාවක් නැහැ. දැන් තියෙන අමාත්‍යාංශයත් එක්ක ක්‍රීඩා අමාත්‍යාංශය දුන්නොත් මම ගන්නවා.“
ආදී ලෙස සිදුවූ වාදය ජනපති මැදිහත්වී අවසන් කර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment