පස් අවුරුදු පෝෂණ වැඩසටහන වෙනුවෙන් රුපියල් බිලියන 28 ක් - සුව ඇමැති

පස් අවුරුදු පෝෂණ වැඩසටහන වෙනුවෙන් රුපියල් බිලියන 28 ක් - සුව ඇමැති
“Health Sector Cost of National Nutrition Programme of Sri Lanka” වාර්තාව එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සමිමන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විනි.
 
එහිදී තවදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
 
'සෞඛ්‍ය සහ පෝෂණය වෙනුවෙන් රජය විශාල මුදලක් වෙන්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට 2016 අයවැය මගින් වෙන් කළ මුදලින් රුපියල් මිලියන 100 ක් පමණ සෞඛ්‍ය සහ පෝෂණය ප්‍රවර්ධනය වෙනුවෙන් වෙන් කර තිබෙනවා. එමෙන්ම යුනිසෙෆ් සහ තවත් රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රී ලාංකික ජනතාවගේ පෝෂණීය තත්ත්වය නංවාලීම උදෙසා විශාල මුදලක් වෙන්කර තිබෙනවා. තව ද අයහපත් සෞඛ්‍ය පුරුදු ඉවත් කිරීම උදෙසා ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා. දුම්පානය අවම කිරීම සඳහාද ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන අතර, පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වාදීමද වැදගත් වෙනවා. ඉදිරි වසර 05 සඳහා ජාතික පෝෂණ වැඩසටහන වෙනුවෙන් විශාල මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, එම මුදල රුපියල් බිලියන 28.2 ක් පමණ වෙනවා.'
 
rajitha 3
rajitha 4
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment