විස්වාස බංගෙ මහින්දගෙද ? ඒකාබද්දෙ මන්ත්‍රීවරුන්ගෙද ?

විස්වාස බංගෙ මහින්දගෙද ? ඒකාබද්දෙ මන්ත්‍රීවරුන්ගෙද ?
මීට පෙර කිහිප අවස්ථාවකදී ඒකාබද්ධ විපක්ෂය විසින් රජයේ ඇමතිවරුන්ට විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කළ අතර ඒ කිසිවක් ජයග්‍රහණය කිරීමට ඔවුන්ට නොහැකි විය. පදනමකින් තොරව ඉදිරිපත් කරන මෙම යෝජනා හරහා ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාස භංග යෝජනා යනු තවත් විගඩමක් පමණක් බවට පත් කරගෙන සිටී.
 
රාජිත ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා රජයේ ඇමතිවරයෙකු සමග පවසා ඇත්තේ තමා වටා සිටින මන්ත්‍රීවරුන්ගේ බලපෑම මත මෙයට එකඟ වූ බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ හිටපු ජනාධිපතිවරයා පවා මෙය බොරුවක් සහ තවත් විගඩමක් පමණක් බව විශ්වාස කරන බවයි. මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ මහින්ද රාජපක්ෂගේ වුවමනාවට බව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරියේදී ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බව ද හිටපු ජනාධිපතිවරයා තවදුරටත් අදාල ඇමතිවරයා සමග පවසා ඇත.
 
හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සැබෑවක් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙකු රජයේ ඇමතිවරයෙකු සමග පවසා ඇත්තේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය මත බවයි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා තමා වටා සිටින මන්ත්‍රීවරුන් ඉදිරියට දමා ඇඟ බේරාගැනීමට උත්සාහ කරන අතර මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපතිවරයා ඉදිරියට දමා ඇඟ බේරාගැනීමේ උත්සාහයක නිරතව සිටී.
 
විශ්වාස භංග යෝජනා වැනි අතිශය වැදගත් කාර්යයන් කිසිදු වැදගැම්මකට නැති විගඩම් බවට පත්කරමින් සමස්ත දේශපාලනයම ජනතාව ඉදිරියේ ජෝක් එකක් පමණක් බවට පත් කිරීමට තරම්, බලයෙන් උමතුව සිටින මහින්ද රාජපක්ෂ සහ ඔහු වටා සිටින පුද්ගලයන් පහතට වැටීම මෙරට සමස්ත දේශපාලන ක්‍රියාවලියේම අවාසනාවකි.
 
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment