ලංකාව හරහා යන බාල චීන ලී බඩු ඉන්දියාව ආක්‍රමණය කරලාද?

ලංකාව හරහා යන බාල චීන ලී බඩු ඉන්දියාව ආක්‍රමණය කරලාද?

මෙකී ශ්‍රී ලාංකික ගෘහ භාණ්ඩ නිෂ්පාදන සමාගම විසින් තමන් ශ්‍රී ලංකාවේ විශාලම ගෘහභාණ්ඩ නිෂ්පාදකයා වශයෙන් හඳුන්වා ගනිතත් එය විශාල විහිළුවක් සහ බොරුවකි. මෙම හැඳින්වීම සාධාරණීකරණය කර ගැනීම සඳහා ඔවුන් විසින් ඉතාම මෑතකදී වැවිලි සමාගම් දෙකක් මිලයට ගෙන ඇත. නමුත් මේ වන විටත් ඔවුන් ඉන්දියානු වෙළඳපොළ අල්ලාගෙන තිබෙන්නේ බාල වර්ගයේ චීන ලී බඩු යැවීමෙනි. මෙහිදී සිදුවන්නේ ඒවා මුලින් ලංකාවට එවා, තත්වයෙන් බාල කිරීමෙන් අනතුරුව නැවත එකලස් කර, සප්තා වෙළඳ ගිවිසුමට මුවා වී ඉන්දියාවට යැවීමයි. 

මෙය පැහැදිලිවම සප්තා ගිවිසුම අනිසි ලෙස පාවිච්චි කරමින් බදුවලින් නිදහස් වී සුපිරි ලාභ ලබමින්, දෙරටේම බදු නීති සහ බලධාරීන් නොමග යවමින් කරන ජාවාරමකි. මේ සූරාකෑම නොපෙනන්නට තරම් ඉන්දියානු බලධාරීන් අන්ධ ද? නැත. මෙකී ශ්‍රී ලාංකික ගෘහ භාණ්ඩ නිෂ්පාදකයා විසින් අනිවාර්යයෙන්ම ඔවුන්ට අති දැවැන්ත අල්ලසක් ලබා දී තිබේ. කෙසේ නමුත් අදාළ බලධාරීන් විසින් මේ වන විට, බොහෝ කලකට පෙර කළ යුතුව තිබූ විමර්ශනයක් ආරම්භ කර තිබේ. අනාගතයේදී එහි ප්‍රතිඵල දැනගන්නට ලැබෙනු ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment