දිගම්බරම් ඇමතිවරයාගේ ජනමාධ්‍යවේදීන්ට එරෙහි හැසිරීම

දිගම්බරම් ඇමතිවරයාගේ ජනමාධ්‍යවේදීන්ට එරෙහි හැසිරීම
 
වතුකරයේ නිවාස බෙදාදීමක දී සිදුව ඇති අසාධාරණයක් නිවැරැදි කිරීම වෙනුවෙන් සිය වාර්තකරනයේ නියැළුනු නුවරඑළිය ‘සිරස‘ මාධ්‍යවේදී ඉන්ධික රොෂාන් කළුආරච්චි මහතා ට දිගම්බරම් ඇමතිවරයා දුරකථනයෙන් පරුෂ වචනයෙන් බැන වදිමින් ඔහුගේ මාධ්‍ය වාර්තාකරණයන්ට ඉඩ නොතබන බවට තර්ජනයකර තිබේ. මාධ්‍යවේදී ඉන්දික රොෂාන් කළුආරච්චි මහතා මධ්‍යම පළාත් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.
 
පසු දිනෙක මාධ්‍යවේදින් වෙත කරනු ලබන විධිමත් ආරාධනයක් අනුව දිගම්බරම් ඇමතිවරයා  සහභාගී වු මහජන උත්සවයක් ආවරණය කිරීම පිණිස මෙම මාධ්‍යවේදියා සහභාගී වූ අවස්ථාවේ, ඇමතිවරයාගේ මාධ්‍ය ලේකමවරයා යැයි හඳුන්වාගනු ලැබූ අයෙකු විසින් මාධ්‍යවේදියා භාවිතා කළ ’සිරස‘ මයික්‍රෆෝනය ඉවත්කර වාර්තා කරනයට බාධා පමුණුවා තිබේ.
 
එසේම පසුගිය දිනෙක අඹේවෙල පැවැති, අග්‍රාමාත්‍යවරයා සහභාගීවූ උත්සව සභාවක දී රජයට හා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට විරුද්ධව වාර්තා පළකෙරෙන මාධ්‍ය ආයතනවලට, මාධ්‍යවේදීන්ට එරෙහිවීම අග්‍රාම්‍යවරයා ද අනුමත කරන බැවින් තමන් දැනටමත් එවැනි මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සිටින ප්‍රකාශ කොට තිබේ.
 
හඳුන්වා ගනු ලබන වෘත්තීය සමිති නායකයෙකු ලෙස, මහජන නියෝජිතයෙකු හා වර්තමාන රජයේ වගකිවයුතු කැබිනට් ඇමතිවරයෙකු ලෙස දිගම්බරම් ඇමතිවරායාගේ මෙවැනි මැර ප්‍රකාශයන් හා හැසිරීම් අප සම්මේලනය දැඩිව හෙළා දකී. ප්‍රදේශයේ නිදහස් මාධ්‍ය වාර්තාකරනයට හා මාධ්‍යවේදීන්ට නිදහසේ සිය වගකීම් ඉටුකරන්නට තිබෙන අයිතියට බාධා හිරහැර කිරීමෙන් වලකින ලෙස ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය දිගම්බරම් ඇමතිවරයාගෙන් දැඩිව ඉල්ලා සිටී.
 
 
- ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය-
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment