රාජිතට එරෙහි විශ්වාසභංගය ඔහුට ආශිර්වාදයක් - එස්. බී

රාජිතට එරෙහි විශ්වාසභංගය ඔහුට ආශිර්වාදයක් - එස්. බී

 

අද (26) බේරුවල නව සමෘද්ධි සංගම් ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීම ට සහභාගි වෙමින් මේ බව පැවසුවේය. මෙහි ආරාධිත අමුත්තන් ලෙස එස්.බී. දිසානයක මහතා සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගි විය.

මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය එස්.බී දිසානායක මහතා - “රාජිත සේනාරත්න අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාවට විශාල කාර්යභාරයක් ඉටු කළා. ඖෂධ පනත ගෙනඑමින් ඖෂධ සමාගම් සමග සටන් කරමින් ජනතාවට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කරමින් සහනයක් ලබාදුන්නා. එතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එය පරාජය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම ඒකරාශි වී සිටිනවා. එහි තිබෙන ඇතැම් චෝදනා සත්‍ය නැහැ. චෝදනා දෙකක් ගොනුකරන්න ඕන මටයි. ඒ මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ සයිටම් ආයතනය පිළිබදවයි. මෙම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට අපි සියලු දෙනාම එකට අත්වැල් බැදගෙන සිටිනවා. මෙම විශ්වාසභංග යෝජනාව රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ දේශපාලන ගමනට ආශිර්වාදයක් වන බව මම ප්‍රකාශ කරනවා.”

බේරුවල නව සමෘද්ධි සංගම් ගොඩනැගිල්ල සදහා වැය කිරීමට නියමිත මුදල මිලියන 300 කට අධික වේ.

මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී ඉෆ්ට්කාර් ජමීල් මහතා, හිටපු පළාත් සභා මන්ත්‍රී එම්. එම් අම්ජාඩි මහතා, කලුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී ජයලාල් මහතා, බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment