මම ගණන්කාරයෙක්‌ නෙවේ…නමුත් ගණන් දන්නවා

Lakshamn_yapa_D

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර වංචාවෙන් රුපියල් ට්‍රීලියනයකට වඩා රජයට අලාභයක්‌ සිදුව ඇති බව රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා යලිත් අවධාරණය කර සිටියා.

ඊයේ (17 ) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සදහන් කළේ මෙම පාඩුවේ ප්‍රමාණය ගැන මීට පෙර කියද්දී තමාට ගණන් බැරි බව ඇතමුන් ප්‍රකාශ කළ බවද තමා ගණන්කාරයෙක්‌ නොවුණත් හොඳට ගණන් දන්නා බවද වසර 07 ක්‌ පමණ බැංකුවක රැකියාව කළ බවයි.

පර්පචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම 2015/2016 වර්ෂවල ලාභය රුපියල් මිලියන 25000 ක්‌ පෙන්වා ඇති බව මේ තරම් විශාල ලාභයක්‌ ලැබීමට හේතුව පොලී අනුපාතය වැඩි කිරීම බවද කියා සිටියේය.මෙම ලාභය නිසා වසර 30 ක්‌ යන විට රජයට ට්‍රීලියනයකට වඩා පාඩුවක්‌ වන බව ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි බවයි අමාත්‍යවරයා සදහන් කළේ .

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment