රවීගේ ලිපිය, බන්දුලට දුන් එජාප ඇමති කවුද?


හිටපු මුදල් අමාත්‍ය  රවී කරුණානායක මහතා විසින් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කර එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට පමණක් ලිපියක් යවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ සියලුම කැබිනට් ඇමතිවරුන්,සියලුම රාජ්‍ය ඇමතිවරුන්,සියලුම නියෝජ්‍ය අමාත්‍යවරුන්,සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සියලුම ආසන සංවිධායකවරුන් වෙත මෙම ලිපිය යවා ඇති බවත්,ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ට එම ලිපිය ලබාදී නැති බවත් හෙතෙම පවසා සිටියේය.

මෙම වැඩසටහන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් 2017 සැප්තැම්බර් මස ක්‍රියාත්මක කිරීමට යෝජිත වී ඇති බවත්, අගෝස්තු 10 දිනට පෙර රවී කරුණානායක මහතාගේ  කාර්යාලයට පෝරම පුරවා බාර දෙන ලෙසට එමගින් දන්වා තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

පසුගිය රජය මගින් මෙවැනි වැඩසටහනක් සිදුකළේ නම් මුදල් අවභාවිතාව යටතේ ඇප නොමැතිව සිරගත වීමට සිදුවන බවද ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

පුංචි බොරැල්ල වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රවීකරුණානායක මහතා එවා ඇති ලිපියක පිටපතක් ආණ්ඩුවේ ඇමතිවරයෙකු විසින් තමාට ලබාදුන් බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment