අවුරුදු 10කට වඩා එකම පාසලේ ගුරුවරුනට ස්ථාන මාරු

අවුරුදු දහයකට වැඩි කාලයක් ජාතික පාසල්වල මෙන්ම පළාත් පාසල්වලටද අරක් ගෙන සිටින විදුහල්පතීන් හා ගුරුවරුන් මේ වසර අවසන් වන විට වෙනත් පාසල්වලට මාරු වී යෑමට සිදුවන බව අධ්‍යාපන ඇමැති අකිල
විරාජ් කාරියවසම්

අවධාරණය කරයි.

ජාතික පාසල්වල අතිරික්ත ගුරුවරුන්ට කොන්දේසි විරහිතව පළාත් පාසල්වලට මාරුවීම සඳහාද අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන බලධාරීන් එකඟ වී ඇතැයිද ඇමැතිවරයා කීය.

පළාත් ලේකම්වරු-පළාත් අධ්‍යාපන ලේකම්වරු සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුද සමඟ ඉකුත් දා පැවැති සාකච්ඡාවලදී ඉහත කරුණු සඳහා එකඟතා ඇති කර ගත් බවද ඇමැතිවරයා පැවැසීය.

'අවුරුදු පහෙන් පහට මාරු කළ යුතුයි. එහෙම කරන්න එක්වරම බැහැ. මුලින් අවුරුදු දහයකට සීමා කර පසුව අඩු කරනවා' යැයිද හෙතෙම කීය.


දයා පෙරේරා
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment