කුරුඳුගහ හැතැප්ම තැපැල් නෝනා මරන්නට කිසිවෙකු ඇවිත් නැති බව ඉස්සරහා කඩේ CCTV සාක්ෂියෙන් අනාවරණය වේ


කුරුඳුගහ හැතැප්ම 
තැපැල් නෝනා
මරන්නට කිසිවෙකු ඇවිත්  නැති බව
ඉස්සරහා කඩේ CCTV සාක්ෂියෙන් අනාවරණය වේ



පසුගියදා කුරුඳුගහ හැතැප්ම උප තැපැල් කාර්යාලයේ ඇතිවූ ගින්නක් නිසා මරණයට පත්වූ එම තැපැල් ස්ථානාධිපතිනිය වස පානය කර භූමිතෙල් වක්කර ගිනිතබාගෙන මරණයට පත්ව ඇති බවට මේවනවිට පරීක්ෂණ වලින් තහවුරුවී තිබේ.
ඇය ඒ ආකාරයට මියයාම කිිසිවෙකුගේ මැදිහත් වීමකින් සිදුවූවාද යන්න ගැන සිදු කළ පොලිස් පරීක්ෂණ වලට ප්‍රබල සාක්ෂියක් සපයන්නට
ඇයගේ තැපැල් කාර්යාලය ඉදිරිපිට වෙළෙඳ සලක පිහිටි සීසීටීවී වීඩියෝ දර්ශන උදව් කරගෙන තිබෙන අතර එහිදී සිද්ධිය වූ දිනයේ මියගිය ස්ථානාධිපතිනිය උදෑසනින්ම තැපැල් කාර්යාලයට ත්‍රි රෝද රථයකින්  පැමිණෙන ආකාරයත් පසුව එහි දොර වසා ඇතුළු වන ආකාරයත් පටිගතවී තිබේ.

අනතුරුව එහි දොර වසාගෙන ඇය ඇතුළට යන බවත් එම ස්ථානයේ ටික වේලාවකට පසු දුම් රොටු පැනනගින අයුරුත් වීඩියෝවේ දැක්වේ. කෙසේ වෙතත් ඇය දොර වසාගන්නා අවස්ථාවේ සිට ගින්න පැතිරෙන අවස්තාව අතර කාලය තුළ එම දොරටුවෙන් වෙනත් කිසිවෙකු ඇතුළු නොවන බවද සීසීටීවී දර්ශන හවුරු කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. එම ස්ථානයට ඇතුළුවීමට එකී දොර හැර වෙනත් විකල්පයක් නොමැති නිසා මෙම මරණයට බාහිර අය ගැන සැක කිරීමට හේතු නොමැති බව පොලිසිය සඳහන් කරයි.
දිවයිනේ හොඳම තැපැල්පතිනිය ලෙස සම්මානයට පාත්‍රවූ කාංචනමාලා ද සිල්වා මහත්මිය මෙම ගින්නෙන් මියගියාය. ඇය කිසියම් පුද්ගලික ගැටලුවක් මත දිවිනසාගන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි. ඇගේ මළ සිරුරෙන් හමුවූ වස කොටස් හා එම ස්ථානයේ තිබී හමුවූ වස කුප්පියෙ රසායනික ගැළපුණ අතරම පාර්සල් සීල් කිරීම සඳහා තැපැල් හලේ තිබෙන භූමිතෙල් කුප්පියේ භූමිතෙල් ගිනිතබාගැනීම සඳහා ඇය භාවිත කර ඇති බවක්ද ඒ භාජන හිස්වීමෙන් පෙන්නුම් කර ඇතැයි පොලිසිය පවසයි.
මියගිය ස්ථානාධිපතිනියගේ අවසන් කටයුතු ඊයේ 31 සවස සිදුවිය. සිද්ධිය ගැන ඇල්පිටිය පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment