උපාසකම්මලාගෙන් රුපියල ගානේ එකතු කර අනුෂ ලලිත් දෙදෙනාට ගෙවිය යුතු මිලියන 104 වන්දිය හොයනවා


උපාසකම්මලාගෙන් රුපියල ගානේ එකතු කර
අනුෂ ලලිත් දෙදෙනාට ගෙවිය යුතු
මිලියන 104 වන්දිය හොයනවා



බෞද්ධ සැදැහැවතුන් අගයකරන සිල් රෙදි බෙදාදීම වැනි යහපත් වැඩකට පසුගිය ජනපතිවරණ සමයේ මුදල් වෙන්කිරීම නිසා වැරදිකරුවන්වූ අනුෂ හා ලලිත් යන රාජ්‍ය නිලධාරීන් හොඳ දෙයක් කරන්න ගිහින් අමාරුවේ වැටී ඇති බවත් ඒ දෙදෙනාගේ සැලකිල්ල ලක්වූ ලංකාවේ හුදු මහත් බෞද්ධ ප්‍රජාව ඒ වෙනුවෙන් කැපවීම අවශ්‍ය බවත්
ඊයේ පැපිලියානේ සුනේත්‍රාදේවී

පිරිවෙනේ පැවති රැස්වීමකදී ඒකාබද්ධ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන දන්වා සිටියේය.
ඒ අනුව සිල් රෙදි නඩුවේ වරදකරුවන් වී සිරගත කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට මහත්වරුන්ට අධිකරණයෙන් නියම කළ මුළු දඩය හා වන්දි මුදල වන මිලියන 104 සමස්ත බෞද්ධ ජනතාවගෙන් රුපියල බැගින් එකතු කර ගෙවීමට මහා සංඝරත්නය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බවද ඔහු දන්වා සිටියේය.
දූෂණ වංචා, කොමිස් ගැහිලි නොකළ රජයේ කිසිම නිලධාරියකුට රුපියල් මිලියන 2ක හා රුපියල් මිලියන 50ක් තරම් මුදලක් ගෙවීමට බැරි බවත් ඒ දෙදෙනා කෙළේ රජයේ නියමයක් ඉටුකිරීම පමණක් බවත්, කී බන්ධුල ගුණවර්ධන මහතා රටේ සියලුම වෙහෙර විහාරස්ථානවල නායක හිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් බෞද්ධ ජනතාවගේ සහභාගිත්වය ඇතිව මේ මුදල එකතු කර දඩ හා වන්දි මුදල ගෙවන බව පැවැසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment