අනුෂ ලලිත් ඇප ලබාගත්තේ ලක්ෂ 1040 දඩේ සොයන්න වේලාව ඕන නිසාලු


අනුෂ ලලිත් ඇප ලබාගත්තේ
ලක්ෂ 1040 දඩේ සොයන්න
වේලාව ඕන නිසාලු


සිල් රෙදි බෙදා හැරීම තුළින් මිලියන 600ක් සාවද්‍ය පරිහරණයේ යෙදවීම නිසා වසර 3ක සිර දඬුවම් හා ලක්ෂ 1040 දඩ නියමවූ අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංග ඊයේ ඇප මත නිදහස් වූයේ එම නඩුව අවසන් නොවී තිබියදීය. ඔවුන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණයට සුවිශේෂ කාරණා දන්වා ඇත්තේ පහත පරිදිය.
 "ස්වාමිනී, මෙම රුපියල් මිලියන 50ක
වන්දි මුදල නොගෙවන්නේ නම්

අමතරව වසර 02ක සිර දඬුවමක් පනවන බව නියෝගයේ සඳහන් වෙනවා. ඒ අනුව වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් එම වසර 02ක සිර දඬුවමත් සමඟ දඬුවම් වශයෙන් නියම කර ඇති වසර තුනක සිර දඬුවමත් සමඟ සමස්තයක් ලෙස වසර 05ක සිර දඬුවම් නියම වෙනවා. එහෙත් වන්දි මුදල ගෙවන්නේ නම් ඔවුන්ට නියම වන්නේ වසර 03ක සිර දඬුමක් පමණයි. එම වන්දි මුදල ගෙවීමට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම සඳහා ඔවුන් ඇප මත මුදාහැරීම අවශ්‍යයි.“

 "ස්වාමිනී, මෙම විත්තිකරුවන්ට නියම වී තිබෙන්නේ වසර 03ක් වැනි අවම සිර දඬුවමක්. ඊට එරෙහිව විත්තිකරුවන් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. එම අභියාචනය ඉදිරි වසර 03 තුළ විභාග කොට අවසන් කිරීමට කිසිදු ප්‍රායෝගික හැකියාවක් නැහැ.“

“ස්වාමිනී, මෙම නඩුව මීට පෙර දින 100ක් පමණ විභාග වී තිබෙනවා. ඒ හැම අවස්ථාවකම විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. අධිකරණය මඟහැර යාමක් සිදු කළේ නැහැ.
විත්තිකරුවන් දෙදෙනාම කීර්තිමත් රාජ්‍ය සේවකයන්. ඔවුන් අභියාචනා විභාගයට මුහුණ නොදී අධිකරණය මඟහැර පලා යයි කියා අපට විශ්වාස කරන්න බෑ."

මෙම සුවිශේෂ කරුණු සලකා විත්තිකරුවන් ඇප මත මුදා හරින්නැයි ඔහු ඉල්ලා සිටියේය.
මේ ගැන රජයේ නීතිඥවරයා විරෝධයක් පළ කළේ නැත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා කියා සිටියේ විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු තමා සුවිශේෂී කරුණු සේ පිළිගන්නා බවයි. ඒ අනුව ඔවුන් ඇප මත මුදාහැරීමට නියෝග කරන බවද මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment