හම්බන්තොට එක් අයෙකුට ලක්ෂ 15 රටේ අනෙක් පළාත්වල එක් අයකුට 75000 යි..අප්පච්චිගෙ හැටි මෙන්න

PATALI_UMAOYA

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තම පාලන කාලය තුළ හම්බන්තොට එක් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ පහළොවකුත් රටේ අනෙක් පළාත්වල පුද්ගලයෙකුට රුපියල් හැත්තෑ පන්දහසකුත් ආයෝජනය කර ඇති බවත් මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේ ඊයේ(31) බත්තරමුල්ල හෙළ උරුමය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

"මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණියේ 2005 වර්ෂයේ. එතැන් සිට පාලනය අවසන් වනතුරු කාලය තුළ රජය ප්‍රාග්ධන ආයෝජන කර තිබෙනවා රුපියල් බිලියන දෙදහස් හාරසීයක්. එයින් නවසියක්ම යොදවා තිබෙන්නෙ හම්බන්තොට දිස්ත්‍රික්කයට. මෙහි ජනතාව ලක්ෂ හයයි. එතුමා තමන්ගෙ ගමේ එක පුද්ගයෙකුට ලක්ෂ පහළොව ගණනෙ ආයෝජනය කර තිබෙනවා. අනෙක් ප්‍රදේශ වලට ජනතාවට අයෝජනය කෙළේ එක් පුදගලයෙකුට රුපියල් හැත්තෑ පන් දහසයි. අපි අහන්නෙ අප්පච්චිගෙ හැටි ඔහොමද කියා"

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment