ලංකාව 2019 දි අමාරුවෙ වැටෙයිද ?

ලංකාව 2019 දි අමාරුවෙ වැටෙයිද ?
ඉන්දු-ලංකා එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව ඇති අතර එම තරගය ජයගතහොත් කිසිදු ගැටලුවක් ඇති නොවේ. කෙසේ වෙතත් එම තරගය ද පරාජයට පත්වුවහොත් ඉදිරියේදී කොදෙව්වන් දක්වන දක්ෂතා මත ශ්‍රී ලංකාවට ලැබෙන අවස්ථාව කුමක්ද යන්න තීරණය වනු ඇත.
 
සැප්තැම්බර් 13 වැනිදා කොදෙව්වන් අයර්ලන්තය සමග එක් එක්දින තරගයකට සහභාගි වන අතර ඉන්පසු තරග පහකින් සමන්විත එංගලන්ත-කොදෙව් එක්දින තරගාවලිය ආරම්භ වේ. ශ්‍රී ලංකා කණ්ඩායට ශ්‍රේණිගත කිරීම්වල පසුපසට ඇදදමා එම අවස්ථාව ලබාගැනීමට නම් කොදෙව්වන්ට ඉදිරි තරග හයම ජයගැනීමට සිදුවන අතර කොදෙව්වන් වර්තමානයේදී දක්වන දක්ෂතා අනුව එය ඒ අයුරින්ම සිදුවේ යැයි සිතිය නොහැකිය.
 
මේ වනවිට එක්දින ශ්‍රේණිගත කිරීම්වල අටවැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 87 ක් ලබාගෙන සිටී. ඉන්දියාව සමග තරගය ජය ගතහොත් තවත් එක් ප්‍රසාද ලකුණක් ලබාගැනීමට හැකි වන අතර තරගය පරාජයට පත්වුවහොත් ප්‍රසාද ලකුණුවල කිසිද වෙනසක් සිදු නොවේ. කොදෙව්වන් ඉදිරි තරග හයම ජය ගතහොත් ප්‍රසාද ලකුණු 89 ක් ලබාගෙන ඔවුන්ට ශ්‍රී ලංකා කණ්ඩායම අභිභවා යා හැකි වන අතර එසේ වුවහොත් ලෝක කුසලානය සඳහා ඔවුන් සෘජුවම සුදුසුකම් ලබා ගනී.
 
එහෙත් එංගලන්තය වැනි ප්‍රබල කණ්ඩායමකට එරෙහිව 5-0 ක ජයග්‍රණයක් ලබාගැනීම කොදෙව්වන්ට පහසු නැත. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබාගැනීම යම් අවදානම් තත්වයක තිබුණද එය එතරම් ගැටලුවක් නොවනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment