විද්‍යා දැරියගේ ඝාතනයේ අවසන් නඩු තීන්දුව සැප්තැම්බර් 27

විද්‍යා දැරියගේ ඝාතනයේ අවසන් නඩු තීන්දුව සැප්තැම්බර් 27


වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, ත්‍රීකුණාමළය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමෂංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් යන මහන්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග වූ අවස්ථාවේදී අවසන් නඩු තීන්දුව ලබා දෙන බවට ප්‍රකාශයට පත්විය.


මේ අනුව විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේන් 09 දෙනෙකුට එරෙහිව නඩු විභාගය මෙතෙක් සිදු වූ අතර එහිදී පළමු වන සැකකරු හා 07 වන සැකකරුට එරෙහිව සාක්ෂි නොමැති බවටත් සෙසු 02 ,03 ,04 ,05 ,06, 08,සහ 09 යන සැකකරුවන්ට එරෙහිව නඩු තීන්දුව එලඹෙන සැප්තම්බර් 27 වනදා ප්‍රකාශයට පත් කරන බවට අද දිනයේදී යාපනය මහාධිකරණයේදී නිවේදනය කෙරුණි.
වන්නි රොමේෂ් මධුෂංඛ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment