මීතොටමුල්ල වන්දි මාස 5ක් පමා කිරීම පිළිබඳ පරීක්ෂණයක්

මීතොටමුල්ල වන්දි මාස 5ක් පමා කිරීම පිළිබඳ පරීක්ෂණයක්

 

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ලබා දීමට නියමිත වන්දි මුදල් ඉදිරි සති දෙක තුළ ලබාදීමට කටයුතු කරන බව ජාතික රක්ෂණ භාරය පවසා ඇත. ඒ අනුව, විපතට පත් පවුල් 18,000ක් සඳහා රුපියල් මිලියන 900ක මුදලක් ලබාදීමට නියමිතව තිබේ. මේ වන විට පවුල් 9000ක් සඳහා අදාළ චෙක්පත් ලියා අවසන් කර ඇති බවද ජාතික රක්ෂණ භාරය සඳහන් කළේය.

මෙම මුදල් ඔවුන්ට බෙදා දීම සඳහා මීට මාස 05කට පමණ ප්‍රථම රජය විසින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදී තිබුණි. එහෙත් අදාළ පවුල් වල තොරතුරු නොමැති බව පවසමින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම මුදල් බෙදා දී නොමැති බව වාර්තා වේ.

එහෙයින් අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ පිළිබඳව සෘජුව සොයා බැලීමක් සිදුකර ඇති අතර එම මුදල් බෙදාදීම ජාතික රක්ෂණ භාරය හරහා සිදු කිරීමට උපදෙස් ලබාදී තිබේ.

මේ අතර මෙම මුදල් ආපදාවට ලක්වූ පවුල් වෙත බෙදා නොදීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යංශය මඟින් පරීක්ෂණයක් ද සිදුකරනු ලබන බව වාර්තාවේ. 

2017 අප්‍රේල් 14 වන දා මීතොටමුල්ල කසල කන්දෙන් කොටසක් නායගිය අතර ජීවිත 43ක් අහිමි වී නිවාස රැසකට ද සම්පූර්ණ හානි සිදුවිය. 

- අද දෙරණ ඇසුරෙනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment