යාපනයට ගිය කෝච්චිය වව්නියාවෙන් නැවත්වීම නිසා මගීන් අතරමං ! නිවේදන කර ඇත්තේ සිංහලෙන් පමණයි !!

යාපනයට ගිය කෝච්චිය වව්නියාවෙන් නැවත්වීම නිසා මගීන් අතරමං ! නිවේදන කර ඇත්තේ සිංහලෙන් පමණයි !!

 

පොල්ගහවෙලදී ඊයේ (23) දුම්රිය පීලිපැනීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන අතර කොළඹ සිට යාපනය දක්වා පැමිණි සීඝ්‍රගාමී දුම්රිය පොල්ගහවෙලදී නවත්වා, පැය කිහිපයක් ප්‍රමාද වීමෙන් පසුව බස් රථ මගින් පොල්ගහවෙල සිට මහව දුම්රිය ස්ථානය දක්වා එම මගීන් රැගෙනවිත් මහව දුම්රිය ස්ථානයෙන් දුම්රියක් ලබා දී මගීන්ට ටිකට්පත්ද නිකුත් කොට ඇත්තේ යාපනය කන්කසන්තුරේ දක්වා ගමනාන්තය සඳහන් කරමිනි.

කෙසේ වෙතත් අනුරාධපුර දුම්රිය ස්ථානයේදී එම මගීන්ට නිවේදනය කොට ඇත්තේ අදාල දුම්රිය යාපනයට ධාවනය නොවන බවටත් වව්නියාව දුම්රිය ස්ථානයට පමණක් ධාවනය වන බවත්ය. එම නිවේදනය ද සිංහල භාෂාවෙන් පමණක් කර ඇති හෙයින් දුම්රියේ පැමිණි දෙමළ වැසියන් වව්නියාවේදී කිසිවක් නොදැන අතරමං වීමෙන් මෙම උණුසුම් තත්වය හට ගැනුනි.

වව්නියාවේදී මගීන් කියා සිටියේ තමන් රුපියල් 1500 ක් ගෙවා යාපනයට යන්නට පිටත්වුවද පැය 12 ක් ඒ වන විටත් ප්‍රමාද වී ඇති අතරම ගැබිනි මව්වරුන් හා කුඩා ළමුන් දැඩි අපහසුතාවයන්ට පත්ව සිටින බවටත් අනුරාධපුරෙන් නිවේදනය කළ පණිවුඩය වව්නියාව දුම්රිය ස්ථානයට දැනුම් දී නොමැති බවත් දුම්රිය හිතුමතේට ගමන් නවත්වා ඇති හෙයින් තමන්ට යාපනයට යාමට අවස්ථාවක් සලසා දෙන ලෙසත් ය. 

අවසානයේ වව්නියාව පොලීසිය පැමිණ මගීන් සමග සාකච්ඡා කොට පැය දෙකකට පසුව යාපනය දක්වා ධාවනය වූ යාල්දේවි දුම්රිය මගින් ඔවුන්ට ගමන් කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබීය.

 - වන්නි රොමේෂ් මධුෂංඛ

Snapshot59

Snapshot58

Snapshot55

Snapshot54

Snapshot53

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment