ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90% කින් අඩුවෙලා!

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90% කින් අඩුවෙලා!

 

 ඊයේ (19) බොරැල්ල වෙද්‍ය පර්යේෂණායතනයේ දී පැවති ඩෙංගු මදුරු මර්දන සහායකයින් 700 ක් සහ සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය සහායක තනතුරු 250 ක් සදහා පත්වීම් ලිපි ප්‍රධානෝත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයට ඩෙංගු මර්දන සහායකින් 500 ක් බඳවා ගෙන ඇති අතර ඉදිරියේදී මුළු දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි තවත් ඩෙංගු මර්දන සහායකින් 1000ක් බදවා ගැනීමට නියමිත වේ.

මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබුවේ මෙම පත්වීම් ලාභීන්, පත්වීම් ලිපියට අනුව යොමු කර ඇති සේවා ස්ථානයේ රාජකාරි කටයුතු සිදුකළ යුතු බවයි.

ඉදිරි ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී අපේක්ෂිත මෝසම් වර්ෂාව හේතුවෙන්  ඩෙංගු යළි හිස එසවීමේ අවධානම අවම කිරීම සඳහා දිවයින පුරා විශේෂිත මදුරු මර්දන සතියක් අද සිට (20) ලබන (26) වැනිදා දක්වා ක්‍රියාත්මක කර ඇ.ති බව අමාත්‍යවරයා අවධාරණය කලේය.

මෙහිදී නිවාස වල මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීමෙන් පසු අදාල නිලධාරියා හට සටහන් තැබිය හැකි කාඩ් පතක්  නිවාස හිමියන්ට හදුන්වා දීම සිදුවේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment