අනුෂ - ලලිත් හිරේ දැමූ වෙලාවේ අධිකරණයේ දේශපාලකයින් නෑ



හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ‍ජනරාල් අනූෂ පැල්පිට යන අයට එරෙහි ඊයේ සිල්රෙදි නඩු‍ තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාව දැක බලා ගැනීමට
ඔවුන්ගේ ඥාති හිතවතුන් හැර කිසිදු

දේශපාලනඥයකු අධිකරණ භූමියට ඊයේ (7) පැමිණ සිටියේ නැත. මෙම නඩුව විභාගයට ගත් මුල් අවස්ථාවේ විත්තිකරුවනට සහාය දැක්වීමේ අටියෙන් ඒ දිනවල ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් අධිකරණයට පැමිණියද ඊයේ කිසිවෙකු පැමිණ තිබුනේ නැත.
කෙසේ වෙතත් ඊයේ තීන්දුව ඒ ආකාරයෙනම අවාසි සහගතව ලැබෙන බව අනුෂ ලලිත් දෙදෙනාට සම්බන්ධ පිරිස් කල් ඇතිව දැන සිටි අතර ඒ හේතුවෙන් විවිධ කුමාන්ත්‍රණ ක්‍රියාත්මක විය.
 මහාධිකරණ විනිසුරු ගිහාන් ගුණතිලක මේ තීන්දුව ලබාදෙනු ඇති බව සැක කර පසුගියදා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥයන් පිරිසක් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා හමුවී ගිහාන් මහතා වෙනත් අධිකරණයකට මාරුකරන ලෙස ඉල්ලා ඇති බවද වාර්තාවී තිබුණ අතර එය අවසන් මොහොත දක්වා සිදු නොවීය.
කෙසේ වෙතත් තීන්දුව ලබාදුන් පසු ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් කලබලයට පත්වී පාර්ලිමේන්තුවේ අගමැතිවරයා සමග සුහද කථාබහකට ගියේ ලැබුණ දඩුවම ලිහිල් කරගන්නටය.
මේ නිසාදෝ බරපතල වැඩ රහිතව රෝහල්ගතවන්නට මේ දෙදෙනාට අවස්ථාව ලැබී ඇත්තේ දියවැඩියාව තිබෙන බව වෛද්‍යවරියක නිර්දේශ කිරීමෙන් පසුය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment