ජගත් ජයසූරියට යළි තානාපතිකම් නෑ...


බ්‍රසීලයේ හිටපු ශ්‍රී ලංකා තානාපති හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා යළිත් වතාවක් සේවය කිරීම සඳහා කළ ඉල්ලීම සලකා නොබැලීමට රජය තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි. 

වෙනත් රටක තානාපති ධූරයක් හෝ ඔහුට ලබා නොදීමට තීරණය කර ඇතැයිද වාර්තා වේ. බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ජගත් ජයසූරිය මහතා වසර දෙකක නිල කාලය අවසන් කර මෙරටට පැමිණි සිටියි. 

රෝම ප්‍රඥප්තිය අත්සන් කර ඇති කිසිදු රටකට ඇතුළුවීමට ජගත් ජයසූරිය මහතාට ඉඩ නොමැති බවද වැඩිදුරටත් වාර්තාවේ. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment