රාජිතට එරෙහි විශ්වාසභංගයට රජයේ සියලු පක්ෂ එක්වෙයි.


සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාස භංගය පරාජය කිරිමට ජාතික රජයට සම්බන්ධ සියලුම පක්ෂ එක්වේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සියලු හවුල්කාර පක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ සඳහා එක්ව සිටින බව ආණ්ඩු පක්ෂ කාර්යාලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දි තිබේ.

අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයේ සඳහන් කරුණුවලට සම්බන්ධ නඩු දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින බැවින් විශ්වාසභංගය විවාදයට ගත නොහැකි බව සභානායක කාර්යාලය කතානායක කරූ ජයසූරිය මහතාට දැනුම් දි තිබේ. යම් හෙයකින් විශ්වාසභංගය විවාදයට ගැනීමට තීරණය වුවහොත් එය පරාජය කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් ක‍රයි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment