මත් උවදුරින් රට මුදාගැනීමේ අභියෝගය STF වෙත භාරදුන්නා..

SAGALA_RATHNAYAKA

මත් උවදුරින් රට මුදාගැනීමේ අභියෝගය තමන් විශේෂ කාර්ය බලකාය වෙත බාරදි ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.

කටුකුරුන්ද පුහුණු පාසලේ (01) දින පැවති විශේෂ කාර්ය බලකායේ 33 වැනි රණවිරු සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ විශේෂ කාර්ය බලකාය මෙරට ආරම්භ කලේ ත්‍රස්තවාදය සහ කැරලි මර්දනය සඳහා විශේෂ පුහුණුව ලද පොලිස් කණ්ඩායමක් ලෙස බවයි.

කැරළි මර්දනය යනු අද පවතින උද්ඝෝෂණ, පෙළ පාලි නොව රට තුල ඇතිවන කැරලි කොලහාල බව විශේෂයෙන් සිහිපත් කලයුතු බවත් දිවංගත රවී ජයවර්ධන මැතිතුමාගේ සංකල්පයක් මත ඔහුගේ නායකත්වය යටතේ ආරම්භ වූ විශේෂ කාර්ය බලකාය ඔහුගේ දරුවෙකු ලෙස ඔහු විසින් ගොඩනැගූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එල්.ටි.ටි.ඊ. උවදුර වර්තමානයේ නොමැති උවත් ජාත්‍යන්තර ත්‍රස්තවාදයට මුහුණදීම සඳහා විශේෂ කාර්ය බලකාය සූදානම් කල යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment