ජනපති නියෝගයද අදාළ නැති නියෝජ්‍ය පොලිස්පති !

ජනපති නියෝගයද අදාළ නැති නියෝජ්‍ය පොලිස්පති !
පොලිසියට සැපයුම කෙසේ වෙතත් ඔහු තමන් වෙනුවෙන් කරගන්නා සැපයුම අනර්ඝ බව බත්තරමුල්ල උඩුමුල්ල පාරේ ඉදිවන සුඛෝපභෝගී නිවසින්ම තහවුරු වී තිබේ. එය ප්‍රියන්ත වීරසූරියගේ නිවසක් නොව පොලිසියේ නිවසක් බව ප්‍රථමයෙන් සඳහන් කළ යුතුය. මක් නිසාද එම නිවාස ඉදිකිරිම වෙනුවෙන් සියලු බර දරන්නේ පොලීසිය වීමය. පර්චස් 09ක භූමී භාගයක ඉදිවන එම නිවස ඉදිකිරිම වෙනුවෙන් වෙහෙසෙන්නේ පොලිසියයි. කොහොමත් පොලිසිය වැනි තැනක ලොක්කා වෙනුවෙන් කඩේ යෑමට පොඩි එකාට සිදු වෙයි. එය ලොක්කාගේ හෝ පොඩ්ඩාගේ වරදක් නොව එම ක්‍රමය  තවදුරටත් ආරක්ෂා කිරීමට දිවා රෑ  නොබලා වෙහෙසෙන ලොක්කන්ගේත් ලොක්කන්ගේ වරදය. කෙසේවෙතත් ප්‍රියන්ත වීරසූරිය ඉන් බොහෝ වැඩ ගන්නෙකි. අදටත් ඔහුගේ නිවසේ කටයුතු වලට යොදා ගැනෙන්නේ පොලිසියේ නිලධාරීන්ය. පොලිසියේ රථ වාහනය. 
 
මේ අතර  පර්චස් 09යේ එම ඉඩමට ඇවිදින වැටක්ද සවි කිරීමට වීරසූරිය පොලිස් ලොකු මහතා අමතක කර නැත. එම ඉඩමට පසුපසින් ඇත්තේ දියවන්නාවයි. අයිතිය නාගරික  සංවර්ධන අධිකාරියටයි. දැන් සිදුවන්නේ ප්‍රියන්ත වීරසූරිය තමන්ගේ පර්චස් 09න් නොනැවතී පසුපසින් තවදුරටත් භූමිය විශාල කර ගැනීමය. කොළඹ හා ඒ අවට කඩා ඉවත් කරන  ගොඩනැගිලි වල සුන් බුන් ,පස් ආදිය යොදමින් සිය ඉඩම නීති විරෝධී ලෙස විශාල කර ගැනීම සිදු කරයි. මේ සඳහාද යොදා ගන්නේ පොලිස් නිලධාරීන් හා පොලීසියේ රථ වාහනය. භූමිය විශාල කර ගැනීමට අමතරව පිහිටි භූමියේ උස වැඩිකිරීමද එම ස්ථානයේ සිදු වෙයි. එය ප්‍රියන්ත වීරසූරියගේ මන්දිරයට ප්‍රශ්නයක් නොවුනාට අවට පරිසරයට එය හානියකි. ඔහු අවහිර කරන්නේ ජලය බැස යාමට ඇති මාර්ගයයි. අප දන්නා පරිදි නම් ප්‍රියන්ත වීරසූරියගේ මෙම නීති විරෝධී ක්‍රියාව ගැන නාගරික සංවර්ධන අධිකාරියද දැනුවත්ය. එහෙත් කිසිත් සිදු නොවන්නේ ඔහු සාමාන්‍ය ප්‍රියන්ත වීරසූරිය කෙනෙක් නොව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වීම නිසාද?
 
තවත් අතකින් අවසරයකින් තොරව පහත් බිම් ගොදකිරීමද නීති විරෝධීය.එය රටේ මුල් පුරවැසියාගේ නියමයකි. මේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට එයද අදාළ වී නැත. 
 
dig house 1
dig house 2
dig house 3
dig house 4
dig house 5
dig house 6
dig house 7
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment