ලන්ච් ෂීට් සිලි සිලි බෑග් අද සිට තහනම්! විකල්ප මෙන්න.


පොලිතීන් ආශ‍්‍රිත නිෂ්පාදක කිහිපයක් නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම අද (01) සිට තහනම් වනවා. මේ, ඒ පිළිබඳ කරුණු දක්වන මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න පවසන්නේ ලන්ච් ෂීට්, සිලි සිලි බෑග් ඇතුළු පොලිතින් නිෂ්පාදන අද සිට තහනම් බවය. උත්සව සඳහා පොලිතින් වලින් කරනු ලබන සියළුම සැරසිලිද තහනම් බව ඔහු පවසනවා. පරිසරයට අහිතකර මෙම නිෂ්පාදන වලින් ඈත්ව පරිසර හිතකාමී නිෂ්පාදනයන් සඳහා යොමුවන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර තහනම් කෙරෙන පොලිතීන් නිෂ්පාදන වෙනුවට භාවිත කළ හැකි විකල්ප නිෂ්පාදනයක් කැළණිය විශ්ව විද්‍යාලය ඊයේ එළිදැක්වූවා. මේ, එම විශ්ව විද්‍යාලයේ තිරසර විසඳුම් මධ්‍යස්ථානයේ ආචාර්ය යූ පී කේ ඈපා පැවසුවේ මෙම පියවර ඉතා හොඳ පරිසරයට හිතකාමී මානවයාට හිතකාමී ක්‍රියාවක් බවය. නැවත නැවත භාවිත කළ හැකි පසුම්බියේ පවා ගෙනගිය හැකි පරිසර හිතකාමී නිෂ්පාදනයක් තම විශ්වවිද්‍යාලය හඳුන්වා දී ඇතැයි පැවසූ ඔහු එය දැනට විශ්ව විද්‍යාල ප්‍රජාව අතර ප්‍රචලිත කර ඇතැයිද, ඉදිරියේදී එය රටටම හඳුන්වා දෙන බවද පවසනවා.

තහනම් කෙරෙන පොලිතීන් නිෂ්පාදන වෙනුවට විකල්ප නිෂ්පාදන කිහිපයක් මේ වනවිටත් වෙළඳ පොලට හඳුන්වා දී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය ද පවසනවා. කෙසේ වෙතත් නෙත් නිව්ස් ඉකුත්දා කළ ක්ෂේත‍්‍ර චාරිකාවන්හි දී පාරිභෝගිකයින් සහ ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකු පැවසුවේ එවැනි විකල්ප පිළිබඳ තමන් නොදන්නා බවයි. නෙත් නිවුස් මේ පිළිබඳව ද මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්නගෙන් විමසා සිටියා.  

මෙම ජාතික වගකීම වටහාගෙන බඩු ගෙන ඒමට යාමේදී පරිසර හිතකාමී මල්ලක් රැගෙන යන ලෙස එහිදී ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විකල්ප නිෂ්පාදන ඉතා ඉක්මණින් වෙළඳපොල තුළ ප‍්‍රචලිත වනු ඇතැයි ද මෙහිදී විශ්වාසය පළ කෙරුණා. 

මේ අතර පොලිතීන් නිෂ්පාදන කිහිපයක් සඳහා අද සිට ක‍්‍රියාත්මක වන තහනමත් සමග පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය විවෘත භූමි තුළ පිළිස්සීම ද අද සිට තහනම් වන බවයි මධ්‍යම පරිසර අධිකාරිය සිහිපත් කළේ.  

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment