පිළිකා රෝගීන්ට හිඟයකින් තොරව ඖෂධ සැපයීමේ වැඩපිළිවෙලක්

පිළිකා රෝගීන්ට හිඟයකින් තොරව ඖෂධ සැපයීමේ වැඩපිළිවෙලක්

 

ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.
පිළිකා රෝගී සත්කාරක සේවා සදහා අවශ්‍ය Linear accelerator යන්ත්‍ර අඩු මුදලකට ආනයනය කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම සංගමයේ වාර්ෂික සැසිවාරය සදහා ද සෞඛ්‍ය සංවර්ධන අරමුදලෙන් මුල්‍යාධාර ලබාදීමට නියමිතය. මෙහිදී පිළිකා ඖෂධ වර්ග ආනයනය කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවයා ප්‍රතාශ කළේ අවශ්‍ය ඖෂධ ලේඛණය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙසයි. පිළිකා රෝගීන්ට හිඟයකින් තොරව ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙල නිසි පරිදි සිදුවන බව වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙහිදී දැනුම් දුන්නේය. පිළිකා ඖෂධ සදහා ආදේශක හදුන්වාදීම, ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment