විජේදාස වෙනුවට මහරගමට එජාපයෙන් චම්පික


එක්සත් ජාතික පෙරමුණ මහරගම ආසන සංවිධායක ධුරය දැරූ  පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ එම
පක්ෂය තුළ විශ්වාසයෙන් තොරවීමෙන් පසු

ඔහු එම ධූරයෙන් බවත් කර
අමාත්‍ය පාඨලී චම්පික රණවක ඒ සඳහා පත් කිරීමට එජාප නායකත්වය තීරණය කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
පසුගිය මහ මැතිවරණයෙදී ජාතික හෙළ උරුමය, එක්සත් ජාතික පක්ෂය සමග අවබෝධතා ගිවිසුමකට එළඹ එක්සත් ජාතික පක්ෂයේ 'අලියා' ලකුණ යටතේ තරඟ කලේ එක්සත් ජාතික පෙරමුණ ලෙසිනි.
මීළඟ මහ මැතිවරණය කොට්ඨාශ ක්‍රමය පදනම් කර ගනිමින් පැවැත්වීමට නියමිත හෙයින් ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සන්ධානගතව සිටින අනෙකුත් පක්ෂවල ප්‍රධානීන්ට ප්‍රධාන පක්ෂයක සහයෙන් ආසන සංවිධායක ධුර ලබා ගැනීමට සිදුව තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment