හාල් පොල් අල ලූනු මිළ ඉහළ යාමට හේතුව අතරමැදියන්ලු

සහල්, පොල්, බීලූනු, අල, සීනි ඇතුළු අත්‍යවශ්‍ය
ආහාර ද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළයැම නිසා මහජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටී.
මේ වන විට සාමාන්‍ය සම්බා සහල් කිලෝවක මිල රුපියල් 100 දක්‌වාද, පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්‌වාද, අල කිලෝව රුපියල් 180 දක්‌වාද බී ලූනු කිලෝව

රුපියල් 160-180 දක්‌වාද ඉහළ ගොස්‌ තිබෙයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවකට රජය විසින් පනවා ඇති අධික බදු මෙම මිල ඉහළ යැම්වලට සෘජුවම බලපා තිබෙන බව වෙළඳුන් පවසා සිටියත් විශාල ලාභයක් තබාගෙන විකුණන අතරමැදියන් නිසා මෙම තත්වය උද්ගත වී ඇති බව වෙළෙඳපොළ නරීක්ෂකයින් පෙන්වා දී තිබේ.
මේ වන විට ආනයනික අල කිලෝවකට රුපියල් 40 ක්‌ද, බීලූනු කිලෝවකට රුපියල් 40 ක්‌ද, තිරිඟු පිටි කිලෝවකට රුපියල් 31 ක්‌ද, සීනි කිලෝවකට රුපියල් 31 ක්‌ද ආදී වශයෙන් රජය අධික බදු මුදල් අය කරන බවත් වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කරයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment