ණය උගුලෙන් බේරෙන්න මහනුවර ජපානයට දෙයි.


ආණ්ඩුව මේ වනවිට හිර වී සිටින ණය උගුලෙන් බේරීම සඳහා මහනුවර නගරයේ ඓතිහාසික ස්ථාන රැසක් හා ව්‍යාපාරික ආයෝජන සඳහා ඉඩම් ලබා දීමට ශ්‍රී ලංකා රජය සහ ජපාන සමාගමක් අතර එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වේ. 

මෙම කරුණු තහවුරු කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර පැවති රැස්වීමක් අමතමින් චීන සමාගමකට හම්බන්තොට වරාය දීමෙන් ණය බර විශාල වශයෙන් අඩු වූ බවත් මහනුවර නගරයේද ඒ ආකාරයේ හවුල් ව්‍යාපාර ඇරඹීම සඳහා ජපානය මේ වනවිටත් කැමැත්ත පළ කර ඇති බවත් කියා සිටියේ ය.

මහනුවර නගරයේ ඓතිහාසික ස්ථාන සංවර්ධන සහ සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා ජපානයට පැවරීම පිළිබඳ කිසිවක් එහිදී ප්‍රකාශ කර නැත. එහෙත් මහනුවර කෞතුකාගාරයත් අම්බැක්කේ දේවාලයත් ජපාන සමාගමකට පැවරීමට මේ වනවිටත් එකඟ වී ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ගයක් සඳහන් කරයි.

මහනුවර තැපැල් කාර්යාලය විකිනීම සම්බන්ධයෙන්ද ආණ්ඩුව කටයුතු කරමින් සිටන බව පසුගියදා අනාවරණය විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment