ජනයි - ප්‍රියයි , රෝහිත රාජපක්ෂ ඇතුළු ජනප්‍රිය සෙට් එකක්ම අවසර ඉල්ලපු විදිහ මෙන්න...


2009 වර්ෂයේ ආරම්භ වෙච්ච BATTERII බෑන්ඩ් එක අළුත් වැඩකින් එළියට එන්න හදනවා කියන ආරංචියට අපි බැටරියේ නිර්මාතෘ ෂෙහාන් ද සිල්වාට කථා කලා.

"ආදරයේ වැදගත්ම කොටස තමයි, ආදරයට අනෙක් කෙනාගෙන් අවසර ඉල්ලන එක. ඒ හින්දා අපි ඒ ගැන කතා කරන්න හිතුවා... ෂෙහාන් කතාව පටන් ගත්තේ එහෙම....

කවුරුත් ආදරයට අනෙක් කෙනාගෙන් අවසර ඉල්ලන එක ගැන කථා නොකරන නිසා තමයි අපි කතා කරන්න හිතුවේ.

මේ ගීතයේ ටයිට්ල් එක තමයි "අවසර ඉල්ලමි" කියන එක...

මේ ගීතයත් එක්ක ලංකාවේ සාමාජිකයින් හයදෙනෙක් ඉන්න BATTERII සංගීත කණ්ඩායම මෙල්බන් නගරයේදී නැවත ස්ථාපිත කරනවා.

බෑන්ඩ් එකක් කියන්නේ වෙනස් දෙයක්, අපේ උත්සාහය තමයි ලංකාවෙන් එළියට මියුසික් ගෙනියන්න.

ඒ නිසා අපි සිංහල පැත්තෙන් වැඩේ පටන් ගත්තා... හැබැයි අපි දැන් මෙල්බන් වල නිසා ඉංග්‍රීසි භාෂාව පැත්තෙන් ගීත නිර්මාණයට වැඩිපුර අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.

ලංකාවේ ඔක්කොම සිංදුවල කරන්නේ අඩන එක නැත්තම් Naked වෙන එක නමුත් ඊට එහා ගිය සංගීතවත් නිර්මාණයක් විදිහට අපි "අවසර ඉල්ලමි" ගීතය හරහා ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවා...."

ෂෙහාන් එහෙම කතාව ඉවර කලත් ලංකාවේ ජනප්‍රිය චරිත කිහිපයක් BATTERII සංගීත කණ්ඩායමේ "අවසර ඉල්ලමි" වෙනුවෙන් තමන්ගේ ආදරයෙන් අවසර ගත්ත හැටි බලන්න පහලින් නරඹන්න.....


b
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment