ජගත් ජයසූරියට එරෙහිව ෆොන්සේකා සාක්කි දෙයි?


හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව ක්‍රියාත්මක නිසි නීතිමය ක්‍රියාමාර්ගයකදී ඔහුට එරෙහිව සාක්ෂි ලබාදීමට තමා ඉදිරිපත් වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

කෙසේවෙතත් ජාත්‍යන්තර මානව හිමිකම් චෝදනාවට ලක්වූ හිටපු යුධ හමුදාපති ජගත් ජයසූරිය මහතාගේ නිර්දෝෂීභාවය තහවුරු කිරීමට රජය අවශ්‍ය පියවර ගන්නා බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

තිස්සමහාරාම ආයුර්වේද සංරක්ෂණ සභා ගොඩනැඟිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

වන්නි මෙහෙයුමට අණ දුන්නේ ෆොන්සේකා - ජගත් ජයසූරිය

යුද අපරාධ සිදු කළ බවට     එල්ල කරන චෝදනාවලින් තමන්ගේ නමට විශාල කැළලක් සිදුවන බවත්,  රජය  වහාම මැදිහත් වී පියවර ගතයුතු බවත්  ජනරාල්  ජගත් ජයසුරිය මහතා   පැවසීය.

එළඹෙන  සඳුදා   විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා හමුවී    තමන්ට එල්ල වී ඇති  චෝදනා සම්බන්ධයෙන්  දැනුම් දෙන බවත් ඒ මහතා කීවේය.

වන්නි ආඥාපතිවරයා වශයෙන් තමන් කටයුතු කළ සමයේ භටපිරිස් වෙත අනදීමක් සිදු නොකළ බවත්,    එම ධුරයේ කටයුතු කළ ද  සියලූ වගකීම් තමන් වෙත පැවරෙන්නේ නැති බවත් හෙතෙම සඳහන් කළේය.


වන්නි මෙහෙයුමේ භටපිරිස් වෙත ඉඳුරාම  අණදුන්නේ හිටපු යුද හමුදාපති  සරත් ෆෝස්සේකා මහතා බව කවුරුත් දන්නා කරුණක් බව ද,  ඒ මහතා මීට පෙර  අවස්ථා කිහිපයකදීම ඒ සම්බ්නධයෙන් ප්‍රකාශ කර තිබෙන බවද  ජයසුරිය මහතා කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment