හිරගෙවල් සීයක දැම්මත් අපි හැප්පෙන එක නවත්වන්නේ නැහැ- ජොන්ස්‌ටන්


"අපි දේශපාලන වශයෙන් ක්‍රෝධය, වෛරය ඇතිව ජීවත් වන අය නොවේ. දේශපාලනය කරන්නේ සුන්දර ලෙසයි. සටන තිබෙන විට අපි සටනේ ඉන්නවා. හිර ගෙවල් සීයක්‌ පෙන්නුවත් අපි ආණ්‌ඩුව එක්‌ක
හැප්පෙනවා. අපේ කතා දෙකක්‌ නෑ. මනුස්‌සකමින් ක්‍රියා කරන විට අපි එසේ කරනවා" යෑයි කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා මාවතගම සාමෝදය

ශාලාවේදී ඉකුත් 27 වැනිදා පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්‌වීමේදී පැවසීය.

මෙහිදී වැඩිදුර කතා කළ ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා මෙසේද කීවේය.

"මහින්ද රාජපක්‌ෂ මහතා පරද්දන්න ඕනෑ නායකයෙක්‌ නොවේ. යුරෝපය කියන දේ මහින්ද මහත්තයා කරන්නෙ නැති නිසාත් මවුබිමට අසීමිතව ආදරය කරන නායකයෙක්‌ නිසාත් බටහිර රටවල් එකතු වෙලා එයා ගෙදර යෑව්වා. මුස්‌ලිම් ඡන්ද භේද භින්න කළා.

රාජපක්‌ෂ මහත්තයාගෙන් අපට ඉගෙන ගන්න දේවල් තිබෙනවා. තමන්ගේ දරුවෝ හිරේ දාද්දි බලවත්ව ශක්‌තිමත් ලෙස ඊට මුහුණ දුන්නා.

 මේ ගොල්ලෝ කළ මහ බැංකු හොරකම් නිසා අද රටේ සල්ලි නෑ. ඒ හින්දා වැට්‌ ගහනවා. බදු ගහනවා සෑම බඩුවක්‌ම අද ගණන් ගිහින්. සොබාදහමත් මේ ආණ්‌ඩුවට විරුද්ධයි. කෑගල්ල නාය ගියා තාම 500 ක්‌ කුඩාරම්වල. රත්නපුර ගාල්ල ගංවතුර, කුණු කන්ද කඩා වැටුණා. සාලාව ගිනි ගත්තා. පුත්තලම, අනුරාධපුර නියං, ස්‌වභාව ධර්මයත් මේ ආණ්‌ඩුවට ඔළුව උස්‌සන්න දෙන්නේ නෑ."

මාවතගම - කාන්තිමාලා උඩගෙදර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment