ලලිත් ජයසිංහ නැවතත් අත් අඩංගුවට

ලලිත් ජයසිංහ නැවතත් අත් අඩංගුවට

 

මෙවර ඔහු අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ ප්‍රේමලාල් ජයසේකර හිටපු නියෝජ්‍ය ඇමතිවරයා විසින් කළ මිනීමැරුමේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙනි. ඒ සම්බන්ධ තොරතුරු ද ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර "තමිල්මාරන් සහ ලලිත් ජයසිංහ 'විද්‍යා' නඩුවෙන් ගැලවෙන ලකුණු ! " යන ලිපියේදී සඳහන් කළෙමු. 

පසුගිය ජනාධිපතිවරණ සමයේදී 2015 ජනවාරි 5 වන රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පැවති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැළියක සැරසිලි කරමින් සිටි ශාන්ත දොඩම්ගොඩ නම් පුද්ගලයකුව වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලීට චෝදනා එල්ල වී තිබේ. ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මරණාසන්න ප්‍රකාශය අනුව චොකා මල්ලීට මින් ගැළවීමක් නොමැති බව නීතීඥවරුන්ගේ මතය වී තිබේ. එසේ තිබියදී පොලිස් පැමිණිලි පොතේ (IB) මේ සම්බන්ධයෙන් සඳහන්ව තිබුණු පිටු කිසිවකු විසින් ගලවා ඉවත් කරගෙන ඇති අයුරු විමර්ශන වලදී හෙළිදරව් විය. මේ සම්බන්ධයෙන් රාජකාරියෙහි සිටි නිලධාරීන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙසේ පිටු අතුරුදන් කරවීම ලලිත් ජයසිංහ ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බලපෑම මත සිදුකළ එකක් බවය. 

ලලිත් ජයසිංහගේ මෙවන් අවනීතික ක්‍රියාවන් සම්බන්ධයෙන් ලංකා නිව්ස් වෙබ් අපි දිගින් දිගටම පෙර ලිපි හරහා හෙළිදරව් කළෙමු. මේ අතර අපට දැක ගැනීමට හැකි වුණේ Justice for Lalith Jajasinghe නමින් ෆේස්බුක් පිටුවක් ද පවත්වාගෙන යන ආකාරයයි. නීතිය වල් වද්දමින් යකා නැටූ ලලිත් ජයසිංහ නම් දූෂිතයාව දේශපාලන පළිගැනීමකට ලක් වූ අහිංසක නීතිගරුක නිලධාරියකු ලෙස පින්තාරු කිරීම මේ ෆේස්බුක් පිටුවේ අරමුණ වී තිබේ. එහි අසාත් සාලි විසින් ලලිත් ජයසිංහට අවංක නිලධාරියෙකු ලෙස චරිත සහතික දෙන වීඩියෝවක් ද පසුගිය දා පළකර තිබිණි. එය මුදල් ගෙවා ප්‍රචාරණය කිරීමට (sponsor)  ද එම පිටුව පවත්වාගෙන යන පුද්ගලයින් විසින් ක්‍රියාකර තිබිණි. ලලිත් ජයසිංහව අත් අඩංගුවට ගත් රහස් පොලිස් නිලධාරීන් ඔහුව යාපනය වෙත රැගෙන යන මොහොතේ එම රථය පසුපස ප්‍රාඩෝ රථ දෙකකින් පැමිණි මුස්ලිම් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පිළිබඳව "ලලිත් ජයසිංහගේ නඩු ගාස්තු එකතු කරන්නේ මධ්‍යම පළාතේ පොලිස් අධිකාරීවරයෙක්" යන ලිපියෙන් අපි මීට පෙර හෙළිදරව් කළෙමු. එයත්, අසාත් සාලිත්, අතින් වියදම් කරගෙන ලලිත්ට හුණු ගානා ෆේස්බුක් පිටුවත් එකට ගෙන සලකා බලන විට ලලිත් ජයසිංහගේ ව්‍යාපාරික සබඳකම් සහ ලලිත්ව බේරා ගැනීමට වුවමනාව ඇති පාර්ශ්ව ගැන වැටහෙනු ඇත. 

පෙර පුවත් -

ලලිත් ජයසිංහගේ නඩු ගාස්තු එකතු කරන්නේ මධ්‍යම පළාතේ පොලිස් අධිකාරීවරයෙක්

තමිල්මාරන් සහ ලලිත් ජයසිංහ 'විද්‍යා' නඩුවෙන් ගැලවෙන ලකුණු !

ලලිත් ජයසිංහගේ තවත් කෙළි එළියට - 1. නූරි වතුඅධිකාරී ඝාතනය

ලලිත් ජයසිංහගේ තවත් කෙළි එළියට - 2. සතේ සතේ ඉතිරි කරලා රහසින් කැටයකට දමලා හදපු හෝටලේ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment