ජා-ඇල සිද්ධියෙන් එජාපය අදත් උණුසුම් - මඩ බාල්දිත් කරළියට [Video]


ජාඇළ ඊයේ (23) පැවැති ජාතික යොවුන් පෙරමුණේ උත්සවයකදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිම්න්තු මන්ත්‍රී රවි කරුණානායක අද (24) අදහස් පළකළා.

ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එම පෙරමුණේම උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

එහිදී මන්ත්‍රී රවි කරුණානායක කියා සිටියේ තමන්ට අවශ්‍යව ඇත්තේ කූඨ ක්‍රියා නොවන බවත් සියළු පාර්ශවයන් සමග එක්ව කටයුතු කිරිම බවයි.

රවීටත් දැඩි චෝදනා


මේ අතර අද පැවතී මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ජෝසෆ් මයිකල් පෙරේරා කියා සිටියේ රවී කරුණානායක වගේ රටට ත් එපා වෙච්ච, පක්ෂෙටත් එපා වෙච්ච, පක්ෂය විනාශ කරන තත්ත්වෙට ගේන මිනිස්සු දාලා මේ විදිහේ වැඩ කරන කොට මුළු රටම මේ ගැන බලන් ඉන්නා බවයි.

එම අදහස් දැක්වීම් දෙකම පහත වීඩියෝවෙන් නැරඹිය හැක.
(දර්ශන අනුග්‍රහය : News 1st) 



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment