සේවකයන් සිටියදී දුම්රිය මැදිරි පිරිසුදු කිරීම පෞද්ගලික සමාගමකට.


දුම්රිය සේවකයන් අවශ්‍ය තරම් සිටියදී මසකට රුපියල් 7,291,493 බැගින් වැය කරමින් වසර 03ක් සඳහා දුම්රිය මැදිරි පවිත්‍ර කිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට ලබාදීමට දුම්රිය බලධාරීන් සැලසුම් කර ඇතැයි දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමු‍ණේ ප්‍රධාන ලේකම් පී. සම්පත් රාජිත මහතා අනාවරණය කරයි.

දැනට මෙම දුම්රිය මැදිරි පවිත්‍ර කරනු ලබන්නේ දුම්රිය සේවකයන් විසින් වන අතර, ඒ සඳහා අවශ්‍ය තරම් සේවකයන් සිටින බව පෙන්වා දෙන සංගමයේ ලේකම්වරයා, දුම්රිය මැදිරි පවිත්‍ර කිරීම සඳහා පෞද්ගලික සමාගමකට ලබාදීමට යෑම පිළිබඳ සේවකයන් විරෝධය දක්වන බවද පැවසීය.

දුම්රිය මැදිරි පවිත්‍ර කිරීම පෞද්ගලික සමාගමකට ලබාදීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට වසරකට රුපියල් 87,497,916ක් අහිමි වන බවත් පවසන ලේකම්වරයා දැනට විශාල පාඩුපිට පවත්වාගෙන යන දුම්රිය දෙපාර්තමේන්තුවට එය දරාගත නොහැකි බවද පැවසීය.

දුම්රිය සේවකයන්ට කළ හැකි මැදිරි පවිත්‍ර කිරීම පෞද්ගලික සමාගමකට ලබාදීම මහා පරිමාණ මුදල් නාස්තියක් බැවින් ඒ පිළිබඳ අවධානය යොමුකර මැදිරි පවිත්‍ර කිරීම පෞද්ගලික සමාගමකට ලබාදීම නවත්වන්නැයි දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ඉල්ලා සිටින බවද සම්පත් රාජිත මහතා පවසා සිටියේය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment