පක්ෂෙන් අයින් වෙන අයට පැවැත්මක් නෑ - එස් බී

පක්ෂෙන් අයින් වෙන අයට පැවැත්මක් නෑ - එස් බී
එස්.බී. දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද (24) අනුරාධපුරයේදී පැවති අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රීලනිප ප්‍රතිසන්ධාන ජනහමුවට සහභාගි වෙමිනි.
 
ලබන වර්ෂයේ මුළ පළාත් පාලන මැතිවරණය මෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන බවත් එහෙත් මෙය පක්ෂයට යහපත් වෙලාවක් නොවන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. කෙසේ වෙතත් පක්ෂය ආරම්භ වූ කාලයේ පටන් විවිධ අවස්ථාවලදී පක්ෂය තුළ බෙදීම් සිදුවූ බවත් එය පක්ෂයට සාමාන්‍ය දෙයක් බවත් දිසානායක මහතා පවසයි.
 
හිටපු නියෝජ්‍ය නායකයෙකු වූ මෛත්‍රීපාල සේනානායක මහතා ඇතුළු පිරිසකගේ පක්ෂය හැරයාමේ පටන් විවධ අවස්ථාවලදී පක්ෂයේ බිඳවැටීම් පිළිබඳව තොරතුරු හෙළිකළ දිසානායක මහතා ප්‍රකාශ කළේ ඔවුන්ගෙන් නැවත පක්ෂයට පැමිණි පිරිස හැර සෙසු සියලු දෙනා දේශපාලන වශයෙන් අනාථ වූ බව ද ප්‍රකාශ කරයි.
 
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment