ජර්මානු මහ මැතිවරණයෙන් ඇන්ජෙලා මර්කෙල්ට විශිෂ්ට ජයක්

ජර්මානු මහ මැතිවරණයෙන් ඇන්ජෙලා මර්කෙල්ට විශිෂ්ට ජයක්

මෙයට අමතරව තවත් දේශපාලන පක්ෂ ගණනාවක් ද මෙවර නව පාර්ලිමේන්තුවේදී මර්කෙල් හට සහාය පළ කිරීමට දැනටමත් එකඟතාව පළ කර තිබේ.

මේ අතර බුන්ඩස්ටැග් යනුවෙන් හඳුන්වන ජර්මානු ව්‍යවස්ථාදායක වෙත දශක හයකට පසු අන්ත දක්ෂිණාංශික පක්ෂයක් ඇතුළත් වීම ද මෙවර ජර්මානු මහ මැතිවරණයේ දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. AfD නමැති මෙම පක්ෂය පසුගිය සමයේදී අන්ත දක්ෂිණාංශික බලවේගයක් රට තුළ යම් තරමකට ගොඩනගා ගැනීමට සමත් විය. එයට හේතුව වී තිබුණේ 2015-2016 කාලයේ සිරියානු යුද්ධය නිසා හටගත් සරණාගත අර්බුදය හමුවේ දහස් ගණන් සරණාගතයන් හට ජර්මනියේ දේශසීමා විවෘත කිරීමට ඇය ගත් තීරණය, ලොව පුරා ලිබරල්වාදීන්ගේ නොමද පැසසුමට හා ගෞරවයට හේතු වුවත් රට තුළ ජීවත් වන ජාතිවාදීන් එය පිටුදකිමින් දේශපාලන බලවේගයක් බවට පත්වීමට ගන්නා උත්සාහයයි.


-අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment