ෆොන්සේකා - ජයසූරිය ගැටුම ඇවිලෙයි

ෆොන්සේකා - ජයසූරිය ගැටුම ඇවිලෙයි

 

මේ අතර ජගත් ජයසූරිය මහතා පවසන්නේ අවසන් සටන් පැවති සමයේ තමා යුද මෙහෙයුම්වලින් ඉවත්ව සිටි බවයි. සරත් ෆොන්සේකා මහතා, තමාව මෙහෙයුම් කටයුතුවල වගකීම්වලින් නිදහස් කර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි තිබෙන බවයිත ඔහු ප්‍රකාශ කරයි.

ජයසූරිය මහතා බ්‍රසීලයේ තානාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අතර ඔහු මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටී. ජයසූරිය මහතාට එරෙහිව දකුණු ඇමරිකානු මානව හිමිකම් සංවිධානයක් විසින් යුද අපරාධ නඩුවක් ගොනු කර ඇති අතර එම සංවිධානය පවසන්නේ ජගත් ජයසූරිය මහතා අවසන් සටන් පැවති සමයේදී සිදුකළ යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවයි. අදාල නඩු පැවරීම සම්බන්ධයෙන් තමා ලංකාවට පැමිණෙන තෙක් කිසිවක් දැන නොසිටි බව ද ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසන්නේ වන්නි ආඥාපතිවරයා ලෙස සිටිමින් විවිධ අපරාධ සිදුකළ ජයසූරිය මහතා යුද හමුදාපති තනතුරට පත්වීමෙන් පසු එම අපරාධ තවත් වර්ධනය වූ බවයි. ඒ සියල්ල සම්බන්ධයෙන් තමා සතුව තොරතුරු තිබෙන බවත් අවශ්‍ය ඕනෑම මොහොතක ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමට තමා සූදානම් බවත් හෙතෙම කියා සිටී.

ෆොන්සේකා මහතා වැඩිදුරටත් පවසන්නේ සමස්ත හමුදාවම නීතිගරුකව ක්‍රියා කරද්දී සුළු පිරිසක් පමණක් විවිධ වැරදිවලට සම්බන්ධ බවයි. එම පුද්ගලයන්ට එරෙහිව නීතිමය කටයුතු කළයුතු බවත් ඒ සම්බන්ධයෙන් යුද නීතිය අනුව ක්‍රියා කළයුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment