ගම්පහ එජාප යොවුන් පෙරමුණු රැස්වීමේදී රවී - ජෝෂප් ගැටුම කරළියට

ගම්පහ එජාප යොවුන් පෙරමුණු රැස්වීමේදී රවී - ජෝෂප් ගැටුම කරළියට

 

එක්සත් ජාතික පක්ෂ ගම්පහ යොවුන් පෙරමුණේ රැස්වීම ඊයේ ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු කරන ලද්දේ පක්ශයේ උපනායක රවී කරුණානායක හා යොවුන් පෙරමුනේ සභාපති කාවින්ද ජයවර්ධන යනමහත්වරුන්ගේ මූලිකත්වයෙනි.

මෙම අවස්ථාවට ජාඇල එක්සත් ජාතික පක්ෂ සංවිධායක හිටපු ඇමති ජෝෂප් මයිකල් පෙරේරා මහතා හටද ඇරයුම් කර තිබුණත් ඔහු පැමිණියේ කාවින්ද ජයවර්ධන මහතාගේ කථාව අතරතුරය.

මෙහිදී, ජෝෂප් මයිකල් පෙරේරා මහතා හට සභාව ඇමතීමට අවස්ථාවක් ලබා නොදීම සම්බන්ධව යම් ගැටළුකාරී තත්වයක් පැන නැගුණි. ඒ මහතා වේදිකාවට නැඟ තම දේශනය ආරම්භ කළත් ඒ මොහොත වනවිට අදාල ශබ්ද විකාශන පද්ධතිය අක්‍රියව පැවති අතර, කථාව අතරතුර රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් අසුන් වලින් නැගිට පිටවයන යනු දක්නට ලැබිණි. ජෝෂප් මයිකල් මහතාද එවිට තම දේශනය අතරමග නවතා පිටව යෑමට කටයුතු කිරීමත් සමඟ පැමිණ සිටි පිරිස රවී කරුණානායක මහතාට ජයඝෝෂා කරමින්,ජෝෂප් මයිකල් පෙරේරා මහතා වෙත හූ කීමට පටන් ගත්හ. රවී කරුණානායක මහතා පිටව ගියපසු ජෝෂප් මයිකල් මහතාද එම ස්ථානයෙන් පිටව ගියේය.  

- ඉදුනිල් කැළුම් ජයවීර

 

 

 

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment