ජාතිවාදය, අන්තවාදය හා ත්‍රස්තවාදය එරෙහිව සිවිල් සංවිධාන සමුළුවක්

Mano-Ganeeshan_12_10

ශ්‍රී ලංකාවේ සහජීවනය සහ සංහිඳියාව තහවුරු කිරීම පිණිස සිවිල් සංවිධානවල දායකත්වය ලබාගැනීමේ අරමුණින් සිවිල් සංවිධානවල ජාතික මහා සමුළුවක් මේ වසර අවසානයේදී කොළඹදී පැවැත්වීමට ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පියවර ගෙන තිබෙනවා.

බදුල්ල දිසා ලේකම් කාර්යාලයේදී ඊයේ (18දා) පැවැති බදුල්ල දිස්ත්‍රික් සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ හමුවකදී අමාත්‍යවරයා සදහන් කළෙ ඒ සඳහා මෙරට සියලුම සිවිල් සංවිධාන එකතු කොට සිවිල් සංවිධාන ජාලයක් සකස් කිරීමේ කටයුතු දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර තිබේන බවයි.

ජාතිවාදය, අන්තවාදය හා ත්‍රස්තවාදය යළි මෙරට ඇති නොවීමට සිවිල් සංවිධානවල දායකත්වය ලබාගැනීම මෙම මහා සමුළුවේ අරමුණ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment