ශ්‍රී ලංකාව තුළ කිසිම විදෙස් හමුදාවක් ස්ථාපිත කරන්නේ නෑ

RANIL_WI

මෙරට වරාය හා ගුවන් තොටුපළ ආරක්ෂා කිරීමේ වගකීම සියලු කටයුතු භාරව සිටින්නේ ශ්‍රී ලංකා හමුදාව බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු රජය කිසිම විදෙස් හමුදාවක් සමඟ ගිවිසුමකට එළැඹ නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඊයේ (31) ඉන්දියා සාගර සමුළුවේ ආරම්භක දේශනය පවත්වමින් අගමැතිවරයා සදහන් කළේ ඇතැම් අය හමුදා කඳවුරක් යැයි කියන හම්බන්තොට වරාය ද ඇතුළුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායන් සංවර්ධනය කිරීමට තීරණය කළ බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා රජය කිසිදු රටක් සමඟ හමුදාමය සන්ධානයකට ඇතුළු නොවන බවත්, එසේම රටතුළ විදෙස් රටක කඳවුරු ඇති කර ගැනීමට ඉඩ නොදෙන බවත් පැහැදිලිව ප්‍රකාශ කරන බව ද අගමැතිවරයා සදහන් කළා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment