පොතකින් පිටුවක්

පොතකින් පිටුවක්
"තාත්‍තා, ලොකු වැඩක්ද"
 
"ඔව් දුව.. UN එකේ කරන්න ඕනි කතාව හදනව.."
 
මට මතකයට ආවේ කාලයකට කලින් රූපවාහිනියේ විකාශනය වූ කුඩා දියනිය සහ තාත්තා අතර ඇතිවන කතා බහක් ඇසුරෙන් ගොඩ නැගුන වෙළඳ දැන්වීමකි.. එම වෙලඳ දාන්වීමේ පරිදි ඒ ගෙදරට නම් මේ වගේ කාමරයක් හදන්න එපා කියන කතාව පැවසීමට හිතට ආවත් නොපවසා ගිල ගත්තේ තාත්තාගේ හිත රිද්දීමට ඇති අකමැත්ත නිසාවෙනි..
 
" ඒ කියන්නෙ තාත්‍තා ඇමෙරිකා යනව, ? " මම දුක් මුසු ස්වරයෙන් ඔහුගෙන් ඇසුවේය..
 
" ඔව් දුව.." උපැස් යුවල ගලවමින් මා දෙසට හැරන ගමන් ඔහු පිලිතුරු දුන්නේය..
 
" තාත්තා.. මල්ලිවයි මාවයි එක්කගෙන යන්න බැරිද.."
 
"දූ... මේ යන්නෙ රාජකාරී ගමනක්.. මේ ගමනට පවුලේ උදවිය එක්කගෙන යන්න බෑ.. අනික දුව මම ජනතවට පොරොන්දු වෙලා තියෙනව මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි නිකරුනේ නාස්ති කරන්නෙ නැහැ කියල. මම කොහොමද ඔයාලව එක්කගෙන යන්නෙ.." 
 
දුක් මුසු ස්වරූපයෙන් ඔහු කියාගෙන ගියේය..
 
" කමක් නෑ තාත්තා... තාත්තා ගිහින් එන්න.." .කඩවුනු බලාපොරොත්තුවකින් යුතුම මා මාගේ කාමරයට ගියේ නින්ද යාමටය...
 
පසුදා දින දහවල් දෙකට පමන තාත්තා පැමින මා හට කතා කලේය..
 
" දූ චතූ... මෙතන රුපියල් විසිපන්දාහක් තියෙනව.. ඔයාලා ඇමෙරිකා යන්න ලෑස්තිවෙන්න මල්ලිවත් ලෑස්ති කරගන්න"
 
 ඒ වදන් වලින් තරමක් සතුටට පත්වූවත් එක පාරට පුදුමයටද පත් විය..
 
"තාත්තා කොහෙන්ද සල්ලි.."
 
" දුව.. මගේ කුඹුර උගස් තියල මේ සල්ලි ඉල්ල ගත්තේ.. ඔයාලවත් ඇමෙරිකා එක්ක යන්න ඕනි නිසා"
 
"ඔයයි මල්ලියි හෙට හවස එන්න.. මම ඔයාලට එකොනොමි ක්ලාස් ටිකට් බුක් කලා.. ඔය ටික වියදමට තියාගන්න.. ඔයාලා ඇවිත් නිවුයෝක් හන්දියෙන් බැහැල ඔබාමා අංකල්ගෙ තේ කඩෙන් ඉන්න.. එතන ඉඳල ඩොලර් දෙකක් දීලා ත්‍රී විල් එකක් අරගෙන හිලරි ඇන්ටිගෙ හොටලයට යන්න.. ඒක බාප්පගෙ අරලිය හෝටලය තරම් වත් පහසුකම් නෑ තමයි ඒත් වියදමට තියෙන්නෙ පොඩි මුදලක් නිසා ඒක මැනේජ් කරගන්න" 
 
කියමින් තාත්තා අලුතින් මිලදී ගත් වොක්ස්වැගන් රථයේ නැගී යන්න ගියේය..
 
තාත්තා වසර ගනනාවක් තිස්සේ විවිද ඇමතිකම් දරමින් සිටියත් අපි කිසි දිනෙක පොලොන්නරුවෙන් පිටවී නැත. ගුවන් ගමනක් යනු අපට හීනයක්ම වී තිබූ දෙයකි.. වෙනත් ජනාදිපතිවරු තම රටේ මුදල් වලින් තම නෑදෑ හිතවතුන් ලෝකය වටා සංචාරයේ රැගෙන ගියද තාත්තා කිසිම දිනයක එවැනි කාරනයක් වෙනුවෙන් රටේ මුදල් වියදම් කරන්නෙ නැත.
 
 ජීවිතේ යන පලමු ගුවන් ගමනද කුඹුරක් උගස් තබා ලද මුදලින් යෑමට ලැබීම මට මහත් භාග්‍යයකි.. උගස් තැබූ කුඹුර නැවත බේරා ගැනීමට තාත්තාට හැකියාව ලැබේද නොලැබේද යන්න මා දන්නේ නැත. එය සිතන විටත් මහත් බියක් ඇතිවේ.. ඈත අතීතයේ කුඹුරු උගස්තබා ගොවිතැන් කල  ගොවීහු ණය ගෙවා ගැනීමට නොහැකිව සියදිවි නසාගෙන ඇති බවට පුවත් ද මා අසා ඇත..  
 
ජනාදිපති තාත්තා..
7869.09 පිටුව
 
ඉලේ මලේ විසිනි...
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment