අරුන්දිකගේ ටිකට් එක ලන්සාටත් ලැබෙයි

අරුන්දිකගේ ටිකට් එක ලන්සාටත් ලැබෙයි

 

ලන්සා නියෝජ්‍ය ඇමැතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් කටයුතුවලට රහසිගතව සහාය ලබා දෙන බවට තොරතුරු ලැබී ඇති බවත්, ඔහු බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා සමඟ සමීප සම්බන්ධතා පවත්වන බවත් මේ ඇමැතිවරුන් විසින් පෙන්වා දී ඇත. එම නිසා අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය ඇමැති ධුරයෙන් වහාම ඉවත් කළාක් මෙන්, නිමල් ලන්සාව ද ඔහු දරන නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කළ යුතු බවත්, ඒ සඳහා පක්ෂයේ අනාගතය වෙනුවෙන් කැපවී වැඩ කරන තරුණ මන්ත්‍රීවරයකු පත් කළ යුතු බවත් අදාළ ඇමැතිවරුන් පවසා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය වේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම සඳහා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් පැමිණීමෙන් පසු මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, අවශ්‍ය පියවර ගැනීමට තමන් කිසිසේත්ම පසුබට නොවන බවත් ජනාධිපති වරයා මේ ඇමැතිවරුන්ට පවසා ඇතැයි ද ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

පරාක්‍රම දිසානායක

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment