ජෝශප් මයිකල් පෙරේරාට පක්ෂයෙන් කුඩම්මාගේ සැලකිලිද ?

ජෝශප් මයිකල් පෙරේරාට පක්ෂයෙන් කුඩම්මාගේ සැලකිලිද ?

 

පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතාගේ සහ ජාතික යොවුන් පෙරමුණේ සභාපති කාවින්ද ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

ජෝශප් මයිකල් පෙරේරා මහතා සභාව ඇමතීමට සූදානම් වනවිට ශබ්ද විකාශන පද්ධතිය අක්‍රියව පැවති අතර ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දැඩි ඉල්ලීම මත එය නැවත ක්‍රියාත්මක කෙරිණි. ඔහුගේ කතාව අතරතුර රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් සභාවෙන් පිටව ගිය අතර ජෝශප් මයිකල් පෙරේරා මහතා ද කතාව අතරමග නවතා පිටව යනු දක්නට ලැබිණි.

මෙවැනි කටයුතුවලින් කිසිදිනෙක පක්ෂය ගොඩගැනීමට හැකියාව නොලැබෙන බවත් පක්ෂය තව තවත් පරිහාණියට පත්වන බවත් ඔහු ප්‍රකාශ කළේය. සමහර පුද්ගලයන් මෙන් මතක නෑ යනුවෙන් තමන් ප්‍රකාශ නොකරන බවත් සියල්ල මතකයේ තිබෙන බවත් පක්ෂය විනාශ කිරීම සිදුකරන්නේ පක්ෂය තුළම සිටින පිරිසක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මාතර ඉඳුනිල් කැළුම් ජයවීර

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment