වතු රෝහල් මධ්‍යම රජයට

වතු රෝහල් මධ්‍යම රජයට

 

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ ක්‍රීඩා උත්සවයක් ඊයේ (23) සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය තුරඟ තරග පිටියේ දී පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

21 වැනි ශතවර්ෂයේ ජීවත් වුවද වෘත්තීය සමිති තවමත් 19 වැනි ශතවර්ෂයේ යැයි සිතා කටයුතු කිරීම උචිත නොවන බවත් ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගතහැකි බව වෘත්තීය සමිති අවබෝධ කරගත යුතු බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

'සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. හෙද හෙදියන් පුහුණු කිරීම සඳහා හෙද පීඨයක් ස්ථාපිත කරනවා. එහි හෙද හෙදියන් 2000 ක් පුහුණු කරන්න පුලුවන්. වැය කරන මුදල රුපියල් මිලියන 14,500 ක්. තවත් හෙද විද්‍යාල 04 ක් සංවර්ධනය කරනවා. ගුණාත්මක හෙද සේවාවක් බිහි කිරිම එහි අරමුණයි. හෙද සේවාව සඳහා විදේශ රටවල හොද ඉල්ලුමක් තිබෙනවා. හෙද සේවාව ද වෘත්තීය මට්ටමට ගෙන ආ යුතුයි.'

'වතුකරයේ සහ අනෙකුත් ප්‍රදේශවල පිහිටි වතු රෝහල් සංවර්ධනය කිරිමට මම තීරණය කර තිබෙනවා. වතු රෝහල්වල පහසුකම් වැඩි කිරිම තුලින් නගරයේ පිහිටි රෝහල්වල තදබදය අවම කළ හැකියි. වතු රෝහල් සංවර්ධනය කිරිම සඳහා වතු සමාගම්වලට අයත් රෝහල් රජයට පවරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා ලේඛණයක් ද සකස් කරමින් තිබෙනවා. කලුතර දිස්ත්‍රික්කයේ ද වතු රෝහල් 14 ක් තිබෙන අතර, ඒවා ද සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.'

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්, මධ්‍යම පළාත් අමාත්‍ය එම්.රමේෂ්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස්, රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඇතුලු හෙද විද්‍යාලවල විදුහල්පතිවරුන්, ආචාර්යවරුන්, ශිෂ්‍ය හෙද හෙදියන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment